slc
logo
Home   |    News
ඔක්තෝබර් 15, 2024
වෙල්ලාලගේට විස්සයි-20 වරම් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී සිය මංගල විස්සයි-20 වරම් දිනා ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සමත්වී සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට සහ එක්දින තරග 24 කට ක්‍රීඩා කරන ලද වෙල්ලාලගේ ජාත්‍යන්තර පිටියට පිවිසීමෙන්  පසු විස්සයි-20 තරග වරම දිනා ගන්නේ වසර දෙකහමාරකට ආසන්න කාලයකට පසුව වීම කැපී පෙනෙයි. එය සංකේතවත් වන කැප් තොප්පිය නායක චරිත් අසලංක විසින් වෙල්ලාලගේට ලබා දුන්නේය.

කාසියේ වාසිය තමන් සතු කරගත් චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. තරගාවලිය 1-0 ක් ලෙස පසුපසින් සිට අද තරගයට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙල්ලාලගේ ක්‍රීඩා කරනු ලබන්නේ පළමු තරගයට ක්‍රීඩා කරන ලද වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ වෙනුවටය. පළමු තරගයට ක්‍රීඩා කරන ලද චමිඳු පන්දුවාර 2 ක් පමණක් යවන ලද අතර එහිදී ලකුණු 27 ක් ලබා ගැනීමට  ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වී සිටියහ. පන්දුවට පහර දීමේදී පන්දු 3 කට මුහුණ දුන් චමිඳු ලකුණු 4 ක් ලබා ගත්තේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි.

ඊට අමතරව පළමු තරගයට ක්‍රීඩා කරන ලද වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු වෙනුවට අද තරගයේදී දකුණත් වේග පන්දු යවන නුවන් තුෂාරව කැඳවා තිබේ. පළමු තරගයේදී පන්දුවාර 4 ක් ක්‍රියාත්මක කළ අසිතට එරෙහිව ලකුණු 37 ක් ලබා ගත්තද ඔහුට එක් කඩුල්ලක් හෝ දවා ගත නොහැකි විය.

මේ අතර කොදෙව් කණ්ඩායමද අද තරගයේදී පළමු තරගයට ක්‍රීඩා කරන ලද ෂායි හෝප් වෙනුවට ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් සමඟින් අවතීර්ණව සිටිති.

ශ්‍රී ලංකාව – 1. පැතුම් නිස්සංක, 2. කුසල් මෙන්ඩිස්, 3. කුසල් පෙරේරා, 4. කමිඳු මෙන්ඩිස්, 5. චරිත් අසලංක (නායක), 6. භානුක රාජපක්ෂ, 7. වනිඳු හසරංග, 8. දුනිත් වෙල්ලාලගේ, 9. මහීෂ් තීක්ෂණ, 10. මතීෂ පතිරණ, 11. නුවන් තුෂාර.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම – 1. එවින් ලුවිස්, 2. බ්‍රෙන්ඩන් කිංග්, 3. ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්, 4. රොස්ටන් චේස්, 5. ශෙර්ෆන් රදර්ෆර්ඩ්, 6. රොව්මන් පවෙල් (නායක), 7. රොමාරියෝ ෂෙපර්ඩ්, 8. ශමාර් ස්ප්‍රිංගර්, 9. අල්සාරි ජෝෂප්, 10. ගුඩාකේෂ් මොටී, 11. ශමාර් ජෝෂප්.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee