slc
logo
Home   |    News
ඔක්තෝබර් 1, 2024
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙවැනි පුහුණුවත් ජය ගනිති

sinhala editor

පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන පුහුණු තරග වලදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ දෙවැනි තරඟයෙන් ස්කොට්ලන්තයට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් ස්කොට්ලන්ත ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්ත ද ඔවුන්ට ප්‍රතිවාදී පන්දු යවන්නියන් ඉදිරියේ රැස් කර ගත හැකිවේ ලකුණු පනස් අටක් පමණි.

ඔවුන්ගේ ඉනිමේ පළමු පන්දු වාරයේ දී එක් ලකුණකට කඩුලු 3ක් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වීමත් සමඟින් මේ කඩා වැටීම සිදු වෙනවා.

ඔවුන්ගේ ඉනිමේ හොඳම කඩුලු අතර සබඳතාව බවට පත් වෙන්නේ 5 වැනි කඩුල්ලට සාරා බයිස් සහ ඩර්සි කාර්ටර් (4) එක් ව පන්දු 37ක දී එක් කළ ලකුණු 16 වේ.
ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ ආරම්භක පිතිකාරිනි බ්‍රයිස් වන අතර ඇය 8 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියාය. ඊට අමතර ව රේෂල් සලේටර් ඉනිම අවසන් වන විට පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 10ක් ලබා සිටියාය.

කඩුලු දවා ගැනීමේ දී උදේශිකා ප්‍රබෝධනි ලකුණු 3කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී සචිනි නිසංසලා ද කඩුලු 2ක් දවා ගැනීමට සමත්විය. ඊට අමතර ව ඉනෝෂි ප්‍රියදර්ශනී, ඉනෝකා රණවීර සහ අමා කාංචනා කඩුල්ල බැගින් බෙදා ගැනීමට සමත්වූහ.

ඉලක්කය ඉතාමත් පහසු වුවත්
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකාවේ ද කඩුලු 5ක් දවා ගැනීමට ප්‍රතිවාදී ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ අතර නායිකා චමරි අතපත්තුද පසුවූවාය..

චමරි අතපත්තු ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම තම කඩුල්ල අහිමි කර ගන්නේ එක් ලකුණක් පමණක් තම ඉනිමට එකතු කර ගනිමිනි. ඇයගේ දැවී යෑමෙන් පන්දු 4කට පසුව විශ්මි ගුණරත්න ද දැවී යන්නේ ආරම්භය සම්පූර්ණයෙන්ම අසාර්ථක කර දමමිනි.

හර්ෂිතා සමරවික්‍රම පන්දු 15කට මුහුණ දෙමින් ලකුණු 9කට දැවී යද්දී, ඇය කවීෂා දිල්හාරි සමඟ එකතු වෙමින් 3 වැනි කඩුල්ලට පන්දු 36ක දී ලකුණු 29ක් එක් කිරීමට සමත් වූවාය.
අනතුරු ව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 51ක් පවතිද්දී එතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා සිටි කවීෂා දිල්හාරි පිටියෙන් ඉවත් වන්නේ පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටින අතරතුරදීය.

ඇය ගේ නික්ම යෑමෙන් අනතුරු ව හසිනි පෙරේරා ද ලකුණු 7කට දැවී යන අතර ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණය කරා යද්දී අනුශ්කා සංජීවනී සහ අමා කාංචනා නොදැවී ලකුණු 4ක් බැගින් ලබා ගනිමිනි.

ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 58 (19.0)

සාරා බ්‍රයිස් 24, රේෂල් ස්ලේටර් 10*, උදේශිකා ප්‍රබෝධනී 03/2, සචිනි නිසංසලා 10/2

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 59 (15.3) 

කවීෂා දිල්හාරි 27, කැතරින් ෆ්‍රේසර්r 05/1

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee