slc
logo
Home   |    News
ඔක්තෝබර් 15, 2024
‘ඒ‘ කණ්ඩායමේ නායකත්වය නුවනිඳුට

sinhala editor

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවනු ලබන නැගීඑන කණ්ඩායම් අතර පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ‘ එන කණ්ඩායමේ නායකයා ලෙසින් ඉදිරි පෙළ පිතිකරුවකු වන නුවනිඳු ප්‍රනාන්දුව නම් කර තිබේ. මෙම තරගාවලිය ආසියානු කරයේ නැගීඑන කණ්ඩායම් අතර පැවැත්වෙන නමුත් ශ්‍රී ලංකාවෙන් ‘ඒ‘ කණ්ඩායම නම් කර යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුතුව නම් කරන ලද නැගී එන කණ්ඩායමට පළ පුරුදු දඟ පන්දු යවන්නකු වන රමේෂ් මෙන්ඩිස් ද ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. ඊට අමතරව ශ්‍රී ලංකා ජාතික එක්දින කණ්ඩායම නියෝජනය කරන ලද සහන් ආරච්චිගේ සහ දුෂාන් හේමන්ත නම් කරන ලද සංචිතයට ඇතුළත්ව සිටිති. මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයකට බැගින් ක්‍රීඩා කරන ලද ළහිරු උදාර, ලසිත් කෘෘස්පුල්ලේ සහ නිමේෂ් විමුක්තිද මෙම කණ්ඩායමට එක්ව සිටිති.

මෙම තරගාවලිය ඔක්තෝම්බර් මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා ඕමානයේ මස්කටු අගනුවර පැවැත්වෙන අතර ඒ සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝම්බර් 15 වැනිදා ඕමානය බලා පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම – ළහිරු උදාර, යශෝධ ලංකා, ලසිත් කෘෘස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු (නායක), සහන් ආරච්චිගේ, පවන් රත්නායක, අහන් වික්‍රමසිංහ, දිනුර කලුපහන, කවිදු නදීෂාන්, රමේෂ් මෙන්ඩිස්, දුෂාන් හේමන්ත, නිමේෂ් විමුක්ති, නිපුන් රන්සික, ඉසිත විජේසුන්දර, එෂාන් මාලිංග.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee