slc
logo
Home   |    News
ඔක්තෝබර් 17, 2024
මේ තණතිලිවලත් හොඳින් ක්‍රීඩා කිරීමට හුරුවිය යුතුයි – ජයසූරිය

sinhala editor

 මීළඟ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දඹුල්ල වැනි මේ කලාපයේ තණතිලිවල පැවැත්වෙන හෙයින් ක්‍රීඩකයන් මෙවැනි තණතිලිවල ක්‍රීඩාකර ඊට සූදානම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු සනත් ජයසූරිය පවසයි.

 මේ දිනවල පවතින වර්ෂාව සහිත දේශගුණික තත්ත්වය මත දෙවන තරගය ක්‍රීඩා කළ තණතිල්ල දින දෙකක්ම හොඳින් වසා තිබුණ හෙයින් ප්‍රථම තරගය ද ක්‍රීඩා කළ තණතිල්ලෙහිම මෙවර පින්න පැවැති බව කී ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිකට් ක්‍රීඩකයන් ඕනෑම තණතිල්ලක ක්‍රීඩා කිරීමට හොඳින්ම සූදානම්ව සිටිය යුතු බව ද කීවේය.

 “අපගේ අපේක්ෂාව වුයේ මේ තණතිල්ලේ ලකුණු 160 – 170ක් රැස් කිරීමයි. පැතුම් නිශ්ශංක, කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් දැමු අඩිතාලමෙන් එම ලකුණු සංඛ්‍යාව කරායාමට අපට අවස්ථාව උදා වුවා“.

 “මේ කලාපයේ මෙවැනි රටවල මේ වගේ තණතිලි තිබීම ස්වාභාවික දෙයක්. පිතිකරුවන් මෙවැනි තණතිලිවල ක්‍රීඩා කිරීමට හුරුව සිටිය යුතුයි. එවිට පිතිකරුවන් ස්විප් පහර පුල් පහර ආදි විවිධ පහර එල්ල කිරීමට උත්සාහ ගැනීම ස්වාභාවිකයි“.

 දුනිත් වෙල්ලාලගේ ඔහු සහභාගි වු ප්‍රථම තරගයේදීම ලකුණු නවයකට කඩුලු තුනක් දවාලීම විශිෂ්ට පන්දු යවන්නෙක් ලෙස මා දකිනවා. ඔහු මීට පෙර එක්දින තරගාවලියේ ඉන්දියාව සමඟත් හොඳින් පන්දු යැවීමේ දී දක්ෂතා දක්වා තිබෙනවා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ අද ඔහු පීඩනය මැද දස්කම් පෙන්වා ඔප්පු කළේ ඕනෑම අභියෝගයක් මත ඔහුට හොඳින් පන්දු යැවීමට ඇති හැකියාවයි. කණ්ඩායමේ පුහුණුකරු ලෙස මට අවශ්‍ය වන්නේ හොඳම ක්‍රීඩකයන් පිරිස යොදවා තරග ජය ගැනීමයි.

 වේගපන්දු යවන නුවන් තුෂාර මේ තරගයට යෙද වුයේ කණ්ඩායම සමබර කිරීමටයි. අසිත ප්‍රනාන්දු අපගේ හොඳම වේගපන්දු යවන්නා. ඒ වගේම චමිඳු වික්‍රමසිංහත් දක්ෂයි. ඔවුන් දෙදෙනා මේ තරගයට එක් නොවුයේ තුෂාර යොදවා කණ්ඩායම සමබර කිරීමේ අදහසිනුයි.

 අප ක්‍රීඩා කරන්නේ දඟපන්දු යවන්නන් දෙදෙනකු සහ වේගපන්දු යවන්නන් දෙදෙනකු යොදවලයි.  මීට අමතරව කමිඳු මෙන්ඩිස් සහ නායක චරිත් අසලංකත් හොඳින් දඟපන්දු යවනවා. මෙයින් පන්දු යැවීම සමබර කර ගත හැකියි. අප තරගයකට යොදවන්නේ හොඳම කණ්ඩායමයි. අප කුසල් මෙන්ඩිස්ට ඔහුගේ දක්ෂතා පහසුවෙන් පෙන්වීමට අවස්ථාව දී තිබෙනවා. ඔහු පළපුරුදු ක්‍රීඩකයෙක්. කඩුලු රකින්නා ලෙස ඔහු හොඳ සේවයක් කරන අතරම නායක චරිත් අසලංකටත් සහය වනවා.

 වනිඳු හසරංග යම් යම් වැරැදි සකස් කරගෙන නැවත හොඳින්ම දක්ෂතා අතරට ඒමට ඔහු කැප වී පුහුණුව ලබනවා. කාසියේ වාසිය දිනුවත් නැතත් අපගේ පිතිකරුවන් මෙවැනි දක්ෂතා දැක්විය යුතුයි. මෙවැනි තණතිලිවල ක්‍රීඩා කිරීමෙන් පිතිකරුවනට හොඳින්ම පුහුණුව ලැබිය හැකියි.

 අපගේ මැදපෙළ පසු භාගයේ පිතිකරුවන් මේ වන විට හොඳින් දස්කම් දක්වනවා. දැන් ඔවුනට ලකුණු 40 – 50ක් කණ්ඩායමට ලබාදිය හැකියි. අප මීට පෙර ඉන්දියාවට පැරැදුනේ මැදපෙළ අසාර්ථකත්වයෙන්. කණ්ඩායම තෝරන නිලධාරීන් මැදපෙළට භානුක රාජපක්ෂ එක් කළ පසුව මා ඔහුව පුහුණුකර සකස් කළා. අප ටෙස්ට්, විස්සයි 20 සහ එක්දින තරග ළඟ ළඟම ක්‍රීඩා කරන විට ඒවාට උචිත ලෙස කණ්ඩායම් සකස් කළ යුතුයි. වෙනස් වන්නේ ක්‍රීඩකයන් දෙතුන් දෙනෙකු පමණයි. ඉදිරියේ දී තවත් හොඳින් දක්ෂතා අතරට ඒමට අපේක්ෂා කරන බව ද සනත් ජයසූරිය පැවසීය.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee