slc
logo
Home   |    News
නොවැම්බර් 24, 2024
අවු. 17 න් පහළ යෞවනයින්ගේ තරගය වැස්සට අතහැර දමයි

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (24 දා) පැවැති පළමු යොවුන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තරග විනිසුරුවරුන්ට සිදුවිය.

පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 141 කට දැවී ගිය අතර එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ විග්නේෂ්වරන් ආකාෂ් ලකුණු 27 කට කඩුලු 5 ක් දවා ගත්තේය. මෙම තරගයේදී 30 වැනි පන්දුවාරය වන විටත් බංග්ලාදේශ පිල කඩුලු 4 කට ලකුණු 126 ක් ලබා ප්‍රභල තත්ත්වයක පසු වුවත්, ආකාෂ් සහ රසිත් නිම්සර එක්ව පන්දුවාර 4 කදී ප්‍රතිවාදී ඉනිම ලකුණු 141 කට සීමා කළහ.

ශ්‍රී ලංකා  කණ්ඩායමේ ඉනිම ආරම්භ වීමෙන් පසු තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ බැවින් යළිත් තරගය ආරම්භ වන විට ජයග්‍රාහී ඉලක්කය ලකුණු 126 ක් ලෙසින් සංශෝධනය වූ නමුත් තරගය ප.ව. 4.55 ට අතහැර දමන විටත් ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කර තිබුණේ පන්දුවාර 5.3 ක් පමණි. ඒ අතරතුර ලකුණු 23 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වද්දී ප්‍රතිවාදී පන්දු යවන්නන් එක් කඩුල්ලක් ශ්‍රී ලංකා පිලේ දවා ගැනීමට සමත්ව සිටියේය.

බංග්ලාදේශ අවු. 17 න් පහළ පිල පන්දුවාර 33.5 කදී සියලු දෙනා දැවී ලකුණු 141 යි

අබ්දුල්ලා අල්මුයි 31, රිදෝයි හොසේන් 40, ෆර්හාන් සදීක් 10, අසනුල් හක් 26, රකිබුල් හොසේන් 10, රසිත් නිම්සර 19/2, විගනේෂ්වරන් ආකාශ් 27/5)

ශ්‍රී ලංකා අවු. 17 න් පහළ පිල පන්දුවාර 5.3 කදී කඩුල්ලක් දැවී ලකුණු 23 යි

රෙහාන් පීරිස් 10*

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar