slc
logo
Home   |    News
නොවැම්බර් 10, 2024
ඒස් කැපිටල් කාන්තා කණ්ඩායමට ලකුණු 199ක ජයක්

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන කාන්තා ප්‍රධානතම අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවැති තරග අතුරින් ඒස් කැපිටල් කණ්ඩායම ලකුණු 199කින් ටැමිල් යුනියන් පරාජයට පත් කළේය. ඒස් කැපිටල් වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නියැලුණු හසිනි ඉන්ද්‍රජිත් පන්දු 141කට මුහුණ දී හතරේ හයක් සමඟ ලකුණු 93ක් රැස් කිරීමට සමත් වුවාය.

 සවස් කාලයේ පැවැති වර්ෂාව මත මෙදින තරග කිහිපයක්ම නිමාවට පත්වුයේ විසඳුමකින් තොරවය.

එන්.සී.සී. –  බදුරලිය අතර තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ හර්ෂනි විජේරත්න තුන් ඉරියව්වේම දක්ෂතා දැක් වුයේ ලකුණු 32ක් රැස්කර පසුව ලකුණු 13කට කඩුලු තුනක් දවාලමිනි.

චිලව් මේරියන්ස් – ගුවන් හමුදා තරගයේ දී චිලව් මේරියන්ස් කණ්ඩායමේ සුමුදු නිසංසලා පන්දු 83කට මුහුණ දී හතරේ පහර හතක් සමඟ නොදැවී ලකුණු 62ක් රැස් කිරීමට සමත් විණි.

 සී.සී.සී. නායිකාව විශ්මි ගුණරත්න මේ දිනවල නැවත ලකුණු අතරට පිවිසෙමින් ගෝල් සමඟ අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුවාය.

  • ඒස් කැපිටල් ලකුණු 199කින් ටැමිල් යුනියන් පරාජය කරයි.

 ඒස් කැපිටල් පන්දුවාර 50දී කඩුලු 6ට 224යි – (හසිනි ඉන්ද්‍රජිත් 93, දිනේෂා ජයසිංහ 35, නිම්සර දිසානායක නොදැවී 30, යෙසෙලි ජිතාරා 16, දහමි සෙනෙත්මා 13, දිනෙති නාගසිංහ 28/2, නිරෝධා ප්‍රියදර්ශනී 52/2, නිමේෂා තාරුණි 36/2)

 ටැමිල් යුනියන් පන්දුවාර 29දී සියල්ල දැවී 25යි – (යෙනුලි සත්යානාදි 08, දේවගි ජෙගනාදන් 3/3, ජනාදි අමාලි 7/2යි)

  • කුරුණෑගල යූත් – එස්.එස්.සී. විසඳුමකින් තොරව නිම වේ.

 කුරුණෑගල යූත් පන්දුවාර 41.1දී සියල්ල දැවී 86යි – (දනෝද්‍යා සෙව්මිණි 20, ශ්‍යානි තෙන්නකෝන් 18, දිනායා ගමගෙදර 11, නදීෂා දිල්රුක්ෂි 12/4,  ඉරේෂා ශ්‍යාමලී 17/2)

එස්.එස්.සී. පන්දුවාර 15දී කඩුලු 7ට 35යි – (හෝප් ද සිල්වා 12, අසේනි තලගුණේ 11, නෙත්මි උපේක්ෂා 13/5)

  • එන්.සී.සී. – බදුරලිය තරගය වර්ෂාව මත විසඳුමක් නෑ

 එන්.සී.සී. පන්දුවාර 42.2කදී සියල්ල දැවී 106යි – (හර්ෂනී විජේරත්න 32, චුෂාදි කෞශල්‍යා 11, රශ්මි තාරුකා 11, සෙව්මිණී ශෂිකලා 13/3, හිරුනිකා නවරත්න 15/2)

බදුරලිය පන්දුවාර 18.1කදී කඩුලු 1ට 37යි – (ශෂිනි ගිම්හානි 11, විහාරා සෙව්වන්දි නොදැවී 06, හර්ෂනී විජේරත්න 13/3, මල්ෂි නිරාෂා 12/3යි)

  • යුද හමුදා – නාවික හමුදා තරගයේ විසඳුමක් නෑ

 යුද හමුදාව පන්දුවාර 27.4කදී සියල්ල දැවී 59යි – (නිලක්ෂිකා සිල්වා 10, සුගන්ධිකා කුමාරි 10, නෙත්මි සේනාරත්න 07, සත්‍යා සංදීපනී 6/3, උදේශිකා ප්‍රබෝධා 11/2, ඉනෝකා රණවීර 4/2)

නාවික හමුදාව පන්දුවාර 2කදී කඩුලු 1ට ලකුණු 02යි – (හර්ෂිතා සමරවික්‍රම නොදැවී 01යි)

  • චිලව් මේරියන්ස් – ගුවන් හමුදා තරගයේ විසඳුමක් නෑ.

 චිලව් මේරියන්ස් පන්දුවාර 50දී කඩුලු 9ට 158යි – (සුමුදු නිසංසලා නොදැවී 62, නිමේෂා දුලානි 22, මල්ෂා මධුෂානි 17, සංජානා කවිඳි 13, ඉනෝෂි ප්‍රනාන්දු 34/3, චමරි පොල්ගම්පළ 35/2යි)

  • සී.සී.සී. ලකුණු 204කින් ගෝල් පරාජය කරයි

 සී.සී.සී. පන්දුවාර 47.4කදී සියල්ල දැවී 263යි – (විශ්මි ගුණරත්න 67, සඳලි වීරසිංහ 52, ලිම්මි තිලකරත්න 30, උමායා රත්නායක 24, සිකාරි ද සිල්වා 23, අයේෂා මධුෂානි 43/3, මිහිනි ඕවින්දි 42/3)

ගෝල් පන්දුවාර 24.2කදී සියල්ල දැවී 59යි – (පුන්සරණි ප්‍රබෝධා 09, ඩිල්මි ආරියපාල 05, කවිතා මෙන්ඩිස් නොදැවී 05, නෙත්මි පෙරේරා 11/5, හසිනි ලියනගේ 16/3යි)

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar