slc
logo
Home   |    News
නොවැම්බර් 5, 2024
‘ඒ‘ කණ්ඩායමේ නායකත්වය පසිඳු – නුවනිඳු යටතට

sinhala editor

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ තරග සංචාරය වන පාකිස්තානු  පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී සිව්දින සහ එක්දින තරග සඳහා වෙන වෙනම නායකයින් පත් කිරීමට උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු වත්මන් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මීට මාස කීපයකට ඉහතදී ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම දකුණු අප්‍රිකාවේ කරන ලද සංචාරයේදී සිව්දින සහ එක්දින තරගාවලි දෙක සඳහා නම් කරන ලද කණ්ඩායම් වල නායකත්වය ඉදිරි පෙළ පිතිකරු පසිඳු සූරියබණ්ඩාරව නම් කෙරුවද, මෙවර තරගාවලියේදී පසිඳු සිව්දින කණ්ඩායමේ පමණක් නායකයා ලෙසින් කටයුතු කරනු ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට අනුශූරතාව හිමිකර දෙමින් ඕමානයේ නිමාවට පත් වුණු නැගී එන කණ්ඩායම් අතර තරගාවලියේ නායකයා ලෙසින් කටයුතු කරන ලද නුවනිඳු ප්‍රනාන්දුව මෙම එක්දින තරගාවලියේදීද නායකයා ලෙසින් පත් කිරීමට පියවර ගෙන තිබේ.

නම් කරන ලද කණ්ඩායම් දෙකම ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වෙති. ඒ අතර පසිඳු සූරියබණ්ඩාර, පවන් රත්නායක, සොනාල් දිනූෂ, දිනුර කලුපහන, අහන් වික්‍රමසිංහ සහ වනුජ සහන් කණ්ඩායම් දෙකේම සාමාජිකයෝ බවට පත්ව සිටිති.

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම මේ මස 07 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යෑමට නියමිතය. සිව්දින තරගාවලියෙන් ආරම්භ වන මෙම තරගාවලියේ සියලුම තරග ඉස්ලාමාබාද්හිදී පැවැත්වෙනු ඇත. පළමු තරගය නොවැම්බර් මස 11 වැනිදා සිට 14 වැනිදා දක්වා ද දෙවැනි තරගය නොවැම්බර් මස 18 වැනිදා සිට 21 වැනිදා දක්වාද පැවැත්වේ.

අනතුරුව පැවැත්වෙන එක්දින තරගාවලිය නොවැම්බර් 25 වැනිදා ආරම්භ වන අතර දෙවැනි තරගය 27 වැනිදාත් තෙවැනි තරගය 29 වැනිදාත් පැවැත්වෙනු ඇත.

සිව්දින කණ්ඩායම – පසිඳු සූරියබණ්ඩාර (නායක), නිපුන් ධනංජය, ඔෂධ ප්‍රනාන්දු, පුළිඳු පෙරේරා, පවන් රත්නායක, සොනාල් දිනූෂ, අහන් වික්‍රමසිංහ, විශාද් රන්දික, වනුජ සහන්, විශ්ව ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, චාමික ගුණසේකර, නිසල තාරක, අෂේයින් ඩැනියල්, දිනුර කලුපහන.

එක්දින කණ්ඩායම – නුවනිඳු ප්‍රනාන්දු (නායක), ළහිරු උදාර, කමිල් මිශාර, පසිඳූ සූරියබණ්ඩාර, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, අහන් වික්‍රමසිංහ, සොනාල් දිනූෂ, දිනුර කලුපහන, දුෂාන් හේමන්ත, කවිඳු නදීෂාන්, වනුජ සහන්, එෂාන් මාලිංග, ඩිල්ෂාන් මදුශංක, නිපුන් රංසික.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee