slc
logo
Home   |    News
නොවැම්බර් 5, 2024
‘ඒ‘ කණ්ඩායමේ නායකත්වය පසිඳු – නුවනිඳු යටතට

sinhala editor

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ තරග සංචාරය වන පාකිස්තානු  පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී සිව්දින සහ එක්දින තරග සඳහා වෙන වෙනම නායකයින් පත් කිරීමට උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු වත්මන් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මීට මාස කීපයකට ඉහතදී ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම දකුණු අප්‍රිකාවේ කරන ලද සංචාරයේදී සිව්දින සහ එක්දින තරගාවලි දෙක සඳහා නම් කරන ලද කණ්ඩායම් වල නායකත්වය ඉදිරි පෙළ පිතිකරු පසිඳු සූරියබණ්ඩාරව නම් කෙරුවද, මෙවර තරගාවලියේදී පසිඳු සිව්දින කණ්ඩායමේ පමණක් නායකයා ලෙසින් කටයුතු කරනු ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට අනුශූරතාව හිමිකර දෙමින් ඕමානයේ නිමාවට පත් වුණු නැගී එන කණ්ඩායම් අතර තරගාවලියේ නායකයා ලෙසින් කටයුතු කරන ලද නුවනිඳු ප්‍රනාන්දුව මෙම එක්දින තරගාවලියේදීද නායකයා ලෙසින් පත් කිරීමට පියවර ගෙන තිබේ.

නම් කරන ලද කණ්ඩායම් දෙකම ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වෙති. ඒ අතර පසිඳු සූරියබණ්ඩාර, පවන් රත්නායක, සොනාල් දිනූෂ, දිනුර කලුපහන, අහන් වික්‍රමසිංහ සහ වනුජ සහන් කණ්ඩායම් දෙකේම සාමාජිකයෝ බවට පත්ව සිටිති.

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම මේ මස 07 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යෑමට නියමිතය. සිව්දින තරගාවලියෙන් ආරම්භ වන මෙම තරගාවලියේ සියලුම තරග ඉස්ලාමාබාද්හිදී පැවැත්වෙනු ඇත. පළමු තරගය නොවැම්බර් මස 11 වැනිදා සිට 14 වැනිදා දක්වා ද දෙවැනි තරගය නොවැම්බර් මස 18 වැනිදා සිට 21 වැනිදා දක්වාද පැවැත්වේ.

අනතුරුව පැවැත්වෙන එක්දින තරගාවලිය නොවැම්බර් 25 වැනිදා ආරම්භ වන අතර දෙවැනි තරගය 27 වැනිදාත් තෙවැනි තරගය 29 වැනිදාත් පැවැත්වෙනු ඇත.

සිව්දින කණ්ඩායම – පසිඳු සූරියබණ්ඩාර (නායක), නිපුන් ධනංජය, ඔෂධ ප්‍රනාන්දු, පුළිඳු පෙරේරා, පවන් රත්නායක, සොනාල් දිනූෂ, අහන් වික්‍රමසිංහ, විශාද් රන්දික, වනුජ සහන්, විශ්ව ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, චාමික ගුණසේකර, නිසල තාරක, අෂේයින් ඩැනියල්, දිනුර කලුපහන.

එක්දින කණ්ඩායම – නුවනිඳු ප්‍රනාන්දු (නායක), ළහිරු උදාර, කමිල් මිශාර, පසිඳූ සූරියබණ්ඩාර, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, අහන් වික්‍රමසිංහ, සොනාල් දිනූෂ, දිනුර කලුපහන, දුෂාන් හේමන්ත, කවිඳු නදීෂාන්, වනුජ සහන්, එෂාන් මාලිංග, ඩිල්ෂාන් මදුශංක, නිපුන් රංසික.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

USD United States (US) dollar