slc
logo
Home   |    News
නොවැම්බර් 13, 2024
පන්දු යවන්නියන්ගේ දිනයක් – තිදෙනෙකු කඩුලු 5 බැගින් දවාලයි.

sinhala editor

ක්‍රිකට් ආයතනය මෙහෙය වන ආරාධිත කාන්තා මේජර් එක්දින තරගාවලියේ අද (12) පැවැති තරග හතේ දී පන්දු යවන්නියන් තිදෙනකුම කඩුලු පහකට ඉක්මවාලමින් දවාලු අතර පිතිකාරිණියන් දෙදෙනකුම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වීම දිනයේ විශේෂ සිදුවීම් විය. මෙදින තරගාවලියට වර්ෂාවෙන් කිසිදු බාධාවක් ඇති නොවු අතර තරග හතේදීම සම්පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට කණ්ඩායම් හතක් සමත්වීම ද දිනයේ කැපී පෙනුණු සිදු වීමකි.

 නාවික හමුදාවේ ඉනෝකා රණවීර ඒස් කැපිටල් සමඟ ලකුණු 14කට කඩුලු පහක් ද යුද හමුදාවේ සුගන්ධිකා කුමාරි බී.ආර්.සී. සමඟ ලකුණු හතකට කඩුලු හයක් ද පාණදුර කණ්ඩායමේ රිස්මි සංජානා එන්.සී.සී. සමඟ ලකුණු අටකට කඩුලු හයක් ද දවාලීමට සමත් වුහ. මේ පන්දු යවන්නියන් නියෝජනය කළ කණ්ඩායම් තුනටම මෙදින ජයග්‍රහණ අත්විය. සුගන්ධිකා කුමාරි සහ ඉනෝකා රණවීර ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කරන පන්දු යවන්නියන්ය.

 සී.සී.සී. සහ බදුරලිය අතර තරගයේ දී සී.සී.සී. ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා නායිකාව විශ්මි ගුණරත්න (ලකුණු 57යි පන්දු 58යි හතරේ පහයි හයේ පහර දෙකයි) සහ සඳලි වීරසිංහ (ලකුණු 37යි පන්දු 79යි හතරේ දෙකයි) සී.සී.සී. ප්‍රථම කඩුල්ලට පන්දුවාර 22කදී ලකුණු 99ක් රැස් කළ අතර මේ තරගයෙන් සී.සී.සී.ට ලකුණු 35ක ජයක් ද අත්විය. පරාජිත බදුරලිය කණ්ඩායමේ රශ්මි නේත්‍රාංජලී ද ලකුණු 62ක් (පන්දු 117යි හතරේ තුනයි හයේ පහරයි) රැස් කිරීමට මෙදින සමත් වුවාය.

 මෙදින ජයග්‍රහණ අත්කරගත් කණ්ඩායම් වුයේ චිලව් මේරියන්ස් , නාවික හමුදාව, යුද හමුදාව, එස්.එස්.සී., කෝල්ට්ස්, පාණදුර සහ සී.සී.සී. කණ්ඩායම්ය.

  • චිලව් මේරියන්ස් කඩුලු 10කින් ගෝල් පරාජය කරයි

 ගෝල් පන්දුවාර 25කදී කඩුලු 9ට 22යි – (පුන්සරණි ප්‍රබෝධා 05, මිහිඳි ඕවින්දි 03, සචිනි නිසංසලා 8/4, කාව්‍යා කවිඳි 3/2, සඳුනි නිසංසලා 5/2)

චිලව් මේරියන්ස් කිසිවකු නොදැවී 25 (පන්දුවාර 3යි) – (කාව්‍යා කවිඳි නොදැවී 14, මල්ෂා මධුෂානි නොදැවී 10යි)

  • නාවික හමුදාව කඩුලු 8කින් ඒස් කැපිටල් පරාජය කරයි

ඒස් කැපිටල් පන්දුවාර 22කදී සියල්ල දැවී 67යි – (ජනාදි අමාලි 21, හර්ෂණී පෙරේරා 18, දහමි සේනාරත්න 15, ඉනෝකා රණවීර 14/5, රශ්මි සිල්වා 15/3)

නාවික හමුදාව පන්දුවාර 15.2කදී කඩුලු 2ට 68යි – (හර්ෂිතා සමරවික්‍රම නොදැවී 30, හංසිමා කරුණාරත්න නොදැවී 17, හසිනි පෙරේරා 19, ජනාදි අමාලි 19/1යි)

  • යුද හමුදාව කඩුලු 9කින් බී.ආර්.සී. පරාජය කරයි.

 බී.ආර්.සී. පන්දුවාර 36කදී සියල්ල දැවී 60යි – (උමයංගනා පීරිස් 18, වනීෂා රුද්‍රිගෝ 16, ලිහන්සා ද සිල්වා 10, සුගන්ධිකා කුමාරි 7/6, නිමාෂා මධුෂානි 13/2යි)

යුද හමුදාව පන්දුවාර 11.1කදී කඩුලු 1ට 63යි – (අනුෂ්කා සංජීවනී නොදැවී 34, ඉමල්කා මෙන්ඩිස් 21, දෙව්නි ෆර්ඩිනැන්ඩු 10/1යි)

  • එස්.එස්.සී. කඩුලු 8කින් ටැමිල් යුනියන් පරාජය කරයි

ටැමිල් යුනියන් පන්දුවාර 30.5කදී සියල්ල දැවී 66යි – (ප්‍රියංගිකා වනසිංහ 15, ෂානි පෙරේරා 14, ශාලිනි දසනායක 09, අසේනි තලගුණේ 9/3, ඉරේෂා ශ්‍යාමලී 18/2, චමෝදි ප්‍රබෝධා 8/2)

එස්.එස්.සී. පන්දුවාර 14.4කදී කඩුලු 2ට 67යි – (අසේනි තලගුණේ නොදැවී 32, ඉරේෂා ශ්‍යාමලී 10, හෝප් ද සිල්වා නොදැවී 10, නිමේෂා තරුණි 11/1යි)

  • කෝල්ට්ස් කඩුලු 7කින් කුරුණෑගල යූත් පරාජය කරයි

 කුරුණෑගල යූත් පන්දුවාර 46.1කදී සියල්ල දැවී 64යි – (ධනෝද්‍යා සෙව්මිණි 17, තරුෂි උත්පලා 11, ධරණි දිසානායක 06, කෞශල්‍යා ජයවර්ධන 13/3, චමරි ලක්ෂානි 13/2, නිලක්ෂි කාවින්ද්‍යා 12/2යි)

 කෝල්ට්ස් පන්දුවාර 19.2කදී කඩුලු 3ට 65යි – (උදේනි කුරුප්පු ආරච්චි 20, නිලක්ෂි කාවින්ද්‍යා නොදැවී 12, චමෝදි දේවින්ද්‍යා 10, දනුලි තෙන්නකෝන් 21/2යි)

  • පාණදුර ලකුණු 9කින් එන්.සී.සී. පරාජය කරයි

පාණදුර පන්දුවාර 27.5කදී සියල්ල දැවී 100යි – (අමාදි විජේසිංහ 28, පියුමි වත්සලා 18, රශ්මිකා සෙව්වන්දි 18, ඉමාෂා චලනි 5/4, විශ්මි සොයිසා 21/3, හර්ෂණී විජේරත්න 22/2)

එන්.සී.සී. පන්දුවාර 43.5කදී සියල්ල දැවී 91යි – (ශෂිනි පෙරේරා 18, ගීත්මා මයන්ති 14, හර්ෂණී විජේරත්න 09, ලක්ෂි අභිමානි 09, රිස්මි සංජානා 8/6, පියුමි වත්සලා 11/2)

  • සී.සී.සී. ලකුණු 35කින් බදුරලිය පරාජය කරයි

 සී.සී.සී. පන්දුවාර 46.3කදී සියල්ල දැවී 171යි – (විශ්මි ගුණරත්න 57, සඳලි වීරසිංහ 38, කෞෂානි නුත්‍යාංගනා 20, ශිකාරි ද සිල්වා 14, ලිම්මි තිලකරත්න 12,  විහාරා සෙව්වන්දි 34/3. සෙව්මිණි ශෂිකලා 30/2)

 බදුරලිය පන්දුවාර 50දී 136යි – (රශ්මි නේත්‍රාංජලී 62, පූජා රශ්මි 10, ශෂිනි ගිම්හානි 08, හිමාෂා පෙරේරා 16/2, පමෝදා ෂයිනි 22/2, ශෂිනි ලියනගේ 24/2, නෙත්මි පෙරේරා 35/2)

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

USD United States (US) dollar