වයස අවුරැදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව තරග වැදි නේපාලනයට එරෙහි තරගයෙන් ලකුණු 55 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනූ නේපාල නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී සියලු දෙනා දැවී ලකුණු 233 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායමට පන්දුවාර 46.2 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 178 ක් පමණි.
පන්දු යැවීමෙන් ප්‍රවීන් මනීෂ කඩුලු 3 ක් දවා ගනිමින් සාර්ථකම පන්දු යවන්නා බවට පත් වද්දී නිව්ටන් රංජිත්කුමාර්, කුගදාස් මාතුන් සහ නායක විහස් තෙව්මික කඩුලු 2 බැගින් බිද හෙළූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙද්දී කණ්ඩායමේ විශ්වාසවන්තම පිතිකරුවා වූ පුළිඳු පෙරේරා තෙවැනි පන්දුවාරයේදීම දැවී ගිය නමුත්, අනතුරුව පිටියට පිවිසි උප නායක ෂරුජන් ශන්මුගනාදන් නැංගුරම් එලූ ආකාරයෙන් ක්‍රීඩා කරන ලද සුවිශේෂී ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 250 ලකුණු සංඛ්‍යාවට පැමිණීමේ මං පෙත් විවෘත විය. එම ඉනිම ප්‍රධාන කොට එම තරගයේ වීරයා සම්මානයෙන් ද ශරුජන් සම්මාන දිනාගත්තේය.
පන්දු 92 කට මුහුණ දුන් වමත් පිතිකරුවා ලකුණු 62 ක් ලබා ගනිද්දී ඔහුට එක් වුණු ලක්වින් අබේසිංහ, වේගවත් අර්ධ ශතකයක් රැස් කළේය. එම ඉනිම සඳහා අබේසිංහ හතරේ පහර 3 ක් පමණක් ඇතුළත් කර අතර ඉතිරි ලකුණු ඔහු කඩුලු අතර දිවයමින් රැස් කරන ලද ඒවා විය.
ඉනිමේ මැදින් පැමිණි කවීජ ගමගේ පන්දු 44 කදී රැස් කරන ලද ලකුණු 37 ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට වඩාත් වැදගත් විය.
ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී නේපාල කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් ඉතා ප්‍රබල ආරම්භයක් ලබා දීමට සමත් වූ අතර ඔවුන්ගේ ආරම්භක පිතිකරුවා වූ මයන් යාදව් 30 වැනි පන්දු වාරය තෙක්ම කඩුල්ලේ රැඳි සිටීම ශ්‍රී ලංකාවට හිස රදයක් විය. කෙසේ වෙතත් ප්‍රවීන් මනීෂ විසින් යාදව්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ සියල්ල කණ පිට හැරුණ. ඉතාමත් හොඳින් පන්දු යැවූ මනීෂ තම පන්දුවාර 9 නිමා කරන ලද්දේ ලකුණ් 30 කදී කඩුලු 3 ක් දවා ගනිමිනි.
ශ්‍රී ලංකා යොවුන් කන්ඩායම පන්දුවාර 50 දී සියලු දෙනා දැවී ලකුණු 233 යි – (ශරුජන් ශන්මුගනාදන් 62, විමත් දින්සර 24, ලක්වින් අබේසිංහ 50, කවීජ ගමගේ (නොදැවී) 37, දුල්නිත් සිගේරා 24, සංතෝෂ් යාදව් 45/4, යුවරාජ් කත්‍රී 44/2, නරේන් සෞද් 47/1)
නේපාල යොවුන් කණ්ඩායම පන්දුවාර 46.2 කදී සියලු දෙනා දැවී ලකුණු 178 යි – (මයාන් යාදව් 62, ආකාෂ් ට්‍රිපාටි 19, අර්ජුන් කුමාල් 12, සංතෝෂ් යාදව් 10, නරේන් භටා 12, උට්ටම් මේගර් 17, නරේන් සෞද් 16, ප්‍රවීන් මනීෂ 30/3, විහස් තෙව්මික 51/2, කුගදාස් මාතුලන් 21/2, නිව්ටන් රංජිත්කුමාර් 17/2, විරාන් චමුදිත 23/1)