කුසලතා පිරි තරුණ ක්රිකට් ක්රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරනු ලබන වයස අවු 15න් පහළ ප්රීමා ශ්රී ලංකා යූත් ලීග් ක්රිකට් තරගාවලියේ මහනුවර – දඹුල්ල අතර තරගය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් විසඳුමකින් තොරව නිමා කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.
කොළඹ තර්ස්ටන් ක්රීඩාංගණයේ අද (25) පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිලේ ආරාධනාවෙන් මුලින් පන්දුවට පහරදුන් මහනුවර පිල සියලු දෙනා දැවී ලකුණු 108ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්රීඩා කළ දඹුල්ල පිල තරගය නවතා දමද්දී කඩුලු 3ක් දැවී ලකුණු 44ක් ලබා සිටියේය.
දඹුල්ල පිලේ චමෝද් පබසර ලකුණු 17කට කඩුලු 4ක් බිඳහෙලීමට සමත් වූවේය.
මහනුවර පිල සියලු දෙනා දැවී ලකුණු 108 (ඕවර් 22.5)
චනුල් කොඩිතුවක්කු 33, සනිතු ගුණතිලක 37, සචින්ත ගුණසේකර 10, අතිරේක 7 (චමෝද් පබසර 17/4, දහම් සෙනවිරත්න 19/1, මහීෂ ඉඳුරංග 13/2, යුමාල් ඒගොඩගේ 24/1)
දඹුල්ල පිල කඩුලු 3ක් දැවී ලකුණු 44 (ඕවර් 13)
අමල් පෙරේරා නොදැවී 16, අතිරේක 12 ( සනිතු ගුණතිලක 6/1, සචින්ත ගුණසේකර 21/2)