slc
logo
Home   |    News
නොවැම්බර් 12, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ පිතිකරුවෝ පසුබසිති

sinhala editor

පාකිස්තානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කන්ඩායම සහ පාකිස්තානු ‘ඒ‘ කණ්ඩායම අතර ආරම්භ වුණු පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ පළමු දිනයේදීම ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම ලකුණු 115 කට නවතාලමින් තරගයේ වැඩි වාසියකින් පෙරමුණ ගැනීමට පාකිස්තානු ඒ ක්‍රීඩකයෝ සමත්ව සිටිති. ඒ අනුව දිනයේ ඉතිරි වරුවේ පන්දුවට පහර දුන් පාකිස්තානු පිල ලකුණු 66 ක් රැස් කර ගන්නා අතරවාරයේදී ඔවුන්ගේ කඩුලු 2 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා ඒ පන්දු යවන්නෝ සමත්ව සිටියහ.

ශ්‍රී ලංකා ‘ඒ‘ කන්ඩායම වෙනුවෙන් මැද පෙළ පිතිකරු සොනාල් දිනුෂ (30) ක් වැඩිම ලකුණු ලාභියා බවට පත් වද්දී නායක පසිඳු සූරියබණ්ඩාර ලලකුණු 29 ක් රැස් කර ගත්තේය. පන්දු යැවීමේදී පාකිස්තානු ‘ඒ‘ පිල වෙනුවෙන් වේග පන්දු වෙන් කැපී පෙනුනු පන්දු යවන්නා බවට පත්වූයේ කෂිෆ් ඇලී වන අතර ඔහු කඩුලු 5 ක් දවා ගත්තේය.

ඔහුට අමතරව අනෙක් ආරම්භක පන්දු යවන්නා වු කුරාම් ෂෙසාඩ් කඩුලු 4 ක් වශයෙන් ශ්‍රී ලංකා ඒ ඉනිමේ දැවි ගිය කඩුලු 10 න් 9 කටම හිමිකම් කිහ. මොවුන් දෙදෙනාගේ සුපිරි පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිම  පන්දුවාර 33.1 කදී නිමාවට පත්විය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 8 ම ලකුණු 94 ක් ඇතුළත බිද වැටී විටෙක ලකුණු 100 සීමාව ඉක්මවාලීමද අපහසු තත්ත්වයක පසු වද්දී අංක 10 පිතිකරු ස්ථානයෙන් පිවිසි ඉසිත විජේසුන්දර රැස් කරන ලද ලකුණු 13 නිසා එම අවධානමෙන් මිදීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

හෙට තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා ඒ පන්දුවාර 33.1 කදී  ලකුණු 115 යි

නිපුන් ධනංජය 02, ඔෂධ ප්‍රනාන්දු 01, අහන් වික්‍රමසිංහ 02, පසිඳු සූරියබණ්ඩාර 28, පවන් රත්නායක 00, සොනාල් දිනූෂ 30, විෂාද් රන්දික 18, නිසල තාරක 04, වනුජ සහන් 06. ඉසිත විජේසුන්දර 13, විශ්ව ප්‍රනාන්දු 01*, කුරාම් ෂෙසාඩ් 332/4, කෂීෆ් අලී 31/5

පාකිස්තානු ඒ පන්දුවාර 24 කදී කඩුලු 2 ට ලකුණු 66 යි

අබ්දූල් ෆසීහ් 26, මොහොමඩ් හුරේරා 06,  අලී සාර්යුබ් 18*, මොහොමඩ් සුලේමාන් 11*, විශ්ව ප්‍රනාන්දු 14/1, වනුජ සහන් 08/1

Active filters

Recent Posts

  • පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් […]
  • සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි
    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් […]
  • පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති
    ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු […]
  • කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය
     නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා […]
  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]

Pin It on Pinterest

USD United States (US) dollar