slc
logo
Home   |    News
නොවැම්බර් 24, 2024
හලාවත මේරියන්ස් ක්‍රීඩිකාවෝ වසර 14 කට පසු එක්දින ක්‍රිකට් ශූරියෝ වෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත කාන්තා ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ වසර 14 කට පසු ත්‍රිවිධ හමුදා ආධිපත්‍ය බිද දමමින් එහි ශූරතාව දිනා ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අද (24 දා) පස්වරුවේදී සමත්වූවේය. කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී හලාවත මේරියන්ස් කණ්ඩායම විසින් යුද හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 90 ක ජයක් වාර්තා කරමින් එම ශූරතා කුසලානට අමතරව මුදලින් ලක්ෂ 5 ක මුදලකටද හිමිකම් කීය.

ගෙවී ගිය වසර 14 ක කාලයක් මුලුල්ලේම මෙම ශූරතා කුසලාන දෝලනය වූයේ ත්‍රිවිධ හමුදා කණ්ඩායම් වුණු, යුද හමුදා, ගුවන් හමුදා සහ නාවික හමුදා කණ්ඩායම් අතර වුවත්, මෙවර එම ආධිපත්‍ය බිඳ දමමින් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කවීෂා දිල්හාරිගේ නායකත්වයෙන් යුතු හලාවත මේරියන්ස් ක්‍රීඩිකාවෝ සමත්වූහ.

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 49 කට සීමා වෙමින් පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් හලාවත මේරියන්ස් කණ්ඩායම පන්දුවාර 49 ක් අවසනදී කඩුලු 7 කට ලකුණු 205 ක් ලබා ගැනීමට සමත්වූවේය. එය හඹා යෑමේදී යුද හමුදා ක්ඩායමට පන්දුවාර 39 ක් අවසනදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 115 ක් පමණි.

හලාවත මේරියන්ස් ජයග්‍රහණය වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කළ කවීෂා දිල්හාරි පන්දු 96 කට මුහුණ දෙමින් ලකුණු 80 ක් රැස් කර ගත්තාය. ඇය එම ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 බැගින් එල්ල කර තිබුනාය. ඇයට අමතරව ඉිමේ අනෙක් එකම අර්ධ ශතක ලාභිණිය වූ ඉමේෂා දුලානි පන්දු 115 කදී ලකුණු 71 ක් රැස් කරන ලද්දේ හතරේ පහර 6 ක් ද සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි. එම ඉනිම ක්‍රියාත්මක වද්දී ප්‍රතිවාදී පිලේ පන්දු යවන්නියක වන අචිනි කුලසූරිය ලකුණු 37 කට කඩුලු 5 ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූවාය.

යුද හමුදා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ලීම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු සඳුනි නිසංසලා පන්දුවාර 4 කදී නිලකුණු පන්දුවාරයක්ද සමඟින් ලකුණු 07 කදී කඩුලු 4 ක් දවා ගත්තාය. ඇයට අමතරව සුලේෂා සත්සරණි ලකුණු 30 කට කඩුලු 3 ක් සහ සචිනි නිසංසලා ලකුණු 32 කට කඩුලු 2 ක් දවා ගත්හ. නායිකා දිල්හාරි එක් කඩුල්ලක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන් දක්වන ලද දක්ෂතා හේතුවෙන් අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයෙන් පිදුම් ලැබුවාය.

මෙම ජය සංඛේත ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග සංවිධායක කමිටුවේ සාමාජික දීපාල් මදුරප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙම තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ රශ්මි සිල්වා ද , දක්ෂතම පිතිකාරිණිය ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ හර්ෂිතා සමරවික්‍රමද සම්මාන දිනා ගත්තාය. මොවුන් දෙදෙනාටම එම සම්මාන සමග මුදලින් රු. ලක්ෂය බැගින් හිමිවිය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තරග 6 කදී ලකුණු 331 ක් සහ එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ නිලක්ෂිකා සිල්වා සම්මාන දිනාගත්තාය. ඇයට එම කුසලානයට අමතරව මුදලින් එක්ලක්ෂ පනස්දහසක මුදලක්ද හිමිවිය.

හලාවත මේරියන්ස් පන්දුවාර 49 කදී කඩුලු 7 ට ලකුණු 205 යි –

ඉමේෂා දුලානි 71, සඳුනි නිසංසලා 10, කවීෂා දිල්හාරි 80, මනුදි නානායක්කාර 11, අචිනි කුලසූරිය 37/5, නිමාෂා මදුශානි 39/1, නිලක්ෂිකා සිල්වා 11/1)

යුද හමුදා කණ්ඩායම පන්දුවාර 39 කදී සියලු දෙනා දැවී ලකුණු 115 යි –

අනුෂ්කා සංජීවනී 35, ඉමල්කා මෙන්ඩිස් 19, නිලක්ෂිකා සිල්වා 35, සඳුනි නිසංසලා 07/4, සුලේෂා සත්සරණි 30/3, සචිනි නිසංසලා 32/2, කවීෂා දිල්හාරි 16/1)

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee