slc
logo
Home   |    News
නොවැම්බර් 24, 2024
අවු. 17 න් පහළ යෞවනයින්ගේ තරගය වැස්සට අතහැර දමයි

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (24 දා) පැවැති පළමු යොවුන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තරග විනිසුරුවරුන්ට සිදුවිය.

පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 141 කට දැවී ගිය අතර එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ විග්නේෂ්වරන් ආකාෂ් ලකුණු 27 කට කඩුලු 5 ක් දවා ගත්තේය. මෙම තරගයේදී 30 වැනි පන්දුවාරය වන විටත් බංග්ලාදේශ පිල කඩුලු 4 කට ලකුණු 126 ක් ලබා ප්‍රභල තත්ත්වයක පසු වුවත්, ආකාෂ් සහ රසිත් නිම්සර එක්ව පන්දුවාර 4 කදී ප්‍රතිවාදී ඉනිම ලකුණු 141 කට සීමා කළහ.

ශ්‍රී ලංකා  කණ්ඩායමේ ඉනිම ආරම්භ වීමෙන් පසු තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ බැවින් යළිත් තරගය ආරම්භ වන විට ජයග්‍රාහී ඉලක්කය ලකුණු 126 ක් ලෙසින් සංශෝධනය වූ නමුත් තරගය ප.ව. 4.55 ට අතහැර දමන විටත් ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කර තිබුණේ පන්දුවාර 5.3 ක් පමණි. ඒ අතරතුර ලකුණු 23 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වද්දී ප්‍රතිවාදී පන්දු යවන්නන් එක් කඩුල්ලක් ශ්‍රී ලංකා පිලේ දවා ගැනීමට සමත්ව සිටියේය.

බංග්ලාදේශ අවු. 17 න් පහළ පිල පන්දුවාර 33.5 කදී සියලු දෙනා දැවී ලකුණු 141 යි

අබ්දුල්ලා අල්මුයි 31, රිදෝයි හොසේන් 40, ෆර්හාන් සදීක් 10, අසනුල් හක් 26, රකිබුල් හොසේන් 10, රසිත් නිම්සර 19/2, විගනේෂ්වරන් ආකාශ් 27/5)

ශ්‍රී ලංකා අවු. 17 න් පහළ පිල පන්දුවාර 5.3 කදී කඩුල්ලක් දැවී ලකුණු 23 යි

රෙහාන් පීරිස් 10*

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee