slc
logo
Home   |    News
නොවැම්බර් 23, 2024
17 න් පහළ පිලේ නායකත්වය කිත්මට

sinhala editor

එක්දින තරග 3 කට සහ තුන්දින තරග 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ වයස අවුරුදු 17 ් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහි නායකත්වය කොළඹ ආනන්ද විදුහලේ කිත්ම විදානපතිරණට හිමිව තිබේ.

15 දෙනෙකුගෙන් සමන්විතව නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායමට යාපනයෙන් ප්‍රෙද්ශයෙන් ක්‍රීඩකයෙක් තේරීපත්වී තිබීමද කැපී පෙනෙන්නකි. වී. ආකාෂ් යාපනය විදුහල නියෝජනය කරමින් කණ්ඩායමට පැමිණ සිටින ක්‍රීඩකයා වේ.

නම් කරන ලද කණ්ඩායම පළමු එක්දින තරග 2 සඳහා පමණක් වලංගු වේ.

මෙම තරගාවලියේ පළමු තරගය මේ මස 24, 26 සහ 28 යන දිනවලදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළමු තුන්දින තරගය දෙසැම්බර් මස 01 වැනිදා ද දෙවැනි තරගය දෙසැම්බර් 06 වැනිදා ද පැවැත්වේ.

රෙහාන් පීරිස් (කොළඹ රාජකිය), දුල්සිත් දර්ශන (ගාල්ල මහින්ද), ජනිඳු රණසිංහ (ඩී.එස්. සේනානායක), සෙනුජ වෙකුණගොඩ (මරදාන ශාන්ත ජෝෂප්), කිත්ම විතානපතිරණ (නායක – කොළඹ ආනන්ද), ජේසන් ප්‍රනාන්දු (බම්බලපිටිය ශාන්ත පීතර), ජොෂුවා සෙබස්තියන් (බම්බලපිටිය ශාන්ත පීතර), සෙත්මික සෙනෙවිරත්න (මහනුවර ත්‍රිත්ව), චලන දිනෙත් (පානදුර රාජකීය), රජිත නවෝද්‍ය (කුරුණෑගල මලියදේව), වී. ආකාෂ් (යාපනය හාර්ට්ලි), කෙනුල පිහිලිංග (මහනුවර කිංග්ස්වුඩ්), රයන් ග්‍රෙගරි (කටුගස්තොට ශාන්ත අන්තෝනි), රසිත නිම්සර (වත්තල ලයිසියම්), ඔසඳ පමුදිත (නාලන්දා විදුහල)

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee