slc
logo
Home   |    News
දෙසැම්බර් 12, 2024
කැන්ඩි – නුවරඑළිය අතර තරගයට වර්ෂාවෙන් බාධා

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වතාවට සංවිධානය කරන ලද ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (12 දා) දිනයේ පැවැති කැන්ඩි බෝල්ට්ස් සහ නුවරඑළිය කිංග්ස් අතර වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය විසඳුමකින් තොරව අවසන් විය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පළමුව පන්දුවට පහර දෙමින් සිටින කැන්ඩි බෝල්ට්ස් ඉනිමේ පන්දුවාර 3 කුත්  පන්දු 3 ක් අවසානයේ තරගයට වර්ෂාවෙන් ඇතිවූ බැවින් නැවතත් තරගය ආරම්භ කිරීමට විනිසරුවරුන්ට නොහැකි විය. ප.ව. 4.15 ට පමණ ඇද හැළුණු වර්ෂාව ප.ව. 4.58 වන විටත් පැවැතීම නිසා තරගය ප.ව. 4.58 ට අතහැර දැමුණු තරගයක් බවට විනිසුරුවරුන් නිවේදනය කර සිටියේය.

ඒ වන විටත් කැන්ඩි බෝල්ට්ස් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 38 ක් ලබා සිටියේය. කැන්ඩි ඉනිමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 11 කදී ලකුණු 26 ක් ලබා කඩුල්ලේ රැදී සිටි අතර වර්ෂාව ආරම්භයට පෙර බෙනී හොවෙල් විසින් යවන ලද පන්දුවට අනෙක් ආරම්භක පිතිකරුවා වූ චන්ද්‍ර පෝල් හේම්රාජ ලකුණු 07 කට දැවී ගියේය.

අද පස්වරු 6.15 ට ගෝල් මාවල්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් අතර තරගයත් රාත්‍රී 8.30 ජැෆ්නා ටයිටෑන්ස් සහ කලම්බු ජැගුවර්ස් අතර තරගයත් පැවැත්වීමට නියමිත වන නමුත්, ප.ව. 5.30 වන විටත් පල්ලේකැලේ ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැළෙමින් පැවැතිණ.

l

කැන්ඩි බෝල්ට්ස් පන්දුවාර 3.3 කදී කඩුල්ලක් දැවී ලකුණු 38 යි – පැතුම් නිස්සංක 26*, චන්ද්‍ර පෝල් හේම්රාජ් 07, බෙනී හොවෙල් 03.-0-05-1

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee