slc
logo
Home   |    News
දෙසැම්බර් 15, 2024
ජැෆ්නා ටයිටන්ස් අපරාජිතව සිව්වැනි ජය ලබයි

sinhala editor

ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිට පිට සිව්වැනි ජය වාර්තා කළ ජැෆ්නා ටයිටන්ස් පිල අපරාජිතව ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ සිටී.

පල්ලේලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති ලංකා ටී10 සුපර් ලීග් තෙවැනි තරගයේදී නුවරඑළිය කිංග්ස් පිල ලකුණු 53කින් පරාජය කළ ජැෆ්නා ටයිටන්ස් පිල මෙතෙක් තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණු එකතුව වාර්තා කරමින් ඕවර් 10 තුලදී කඩුලු 4ක් දැවී ලකුණු 153ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම හඹාගිය නුවරඑළිය කිංග්ස් ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 100කට සීමා වූහ.

නුවරඑළිය කිංග්ස් පිලේ පළමු කඩුල්ල ඉනිමේ පළමු පන්දුවේදීම අවිශ්ක ප්‍රනාන්දු ලකුණු බින්දුවේදී දවා ගැනීමට වේග පන්දු යවන නුවන් තුෂාර සමත් වූ අතර, එම ඕවරයේම තෙවැනි පන්දුවේදී අනෙක් ආරම්භක පිතිකරු කයිල් මේයර්ස් ලකුණු නොලබා ක්‍රීඩාගාරයට යැවීය.

අනතුරුව ප්‍රමෝද් මධුෂාන් යැවූ දෙවැනි ඕවරයේදී තවත් කඩුලු 2ක් බිද වැටුණු අතර, දුනිත් වෙල්ලාලගේ කඩුල්ලක් බිඳහෙලීමත් සමඟ ලකුණු පුවරුව 12ට කඩුලු 5ක් විය. හුදකලා සටනක නිරත වූ චාමික කරුණාරත්න පන්දු 26කදී හයේ පහර 5ක් හා හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 58ක් ලබා ගත්තද, අනෙක් අන්තයට පැමිනි සියලු පිතිකරුවෝ අඩු ලකුණු ගණනකට දැවී ගියහ.

ජයග්‍රාහී ජැෆ්නා ටයිටන්ස් වෙනුවෙන් විශිෂ්ට ප්‍රහාරයක නිරත වූ එංගලන්ත ජාතික ටොම් ඇබෙල් පන්දු 24කදී හයේ 3ක් හා හතරේ 8ක් සමඟ ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වූ අතර, චරිත් අසලංක පන්දු 17කදී හයේ 2ක් හා හතරේ පහර 3ක් සමඟ ලකුණු 33ක් ලබා ගත්තේය. ටොම් හා චරිත් අතර තෙවැනි කඩුල්ලට පන්දු 35කදී ලකුණු 89ක සබඳතාවක් ගොඩනැගුණි.

ජැෆ්නා ටයිටන්ස් පිල කඩුලු 4ක් දැවී ලකුණු 153 (ඕවර් 10)
චරිත් අසලංක 33, ටොම් අබෙල් 59, ඩේවිඩ් වයිස් නොදැවී 14, ඩෙව් නි ප්‍රිටෝරියස් නොදැවී 18, අතිරේක 13 (චාමික කරුණාරත්න 34/2, දුෂාන් හේමන්ත 24/1 , කයිල් මේයර්ස් 12/1)

නුවරඑළිය කිංග්ස් කඩුලු 8ක් දැවී ලකුණු 100 (ඕවර් 10)
චාමික කරුණාරත්න නොදැවී 58, ළහිරු මධුසංඛ 9, අතිරේක 8 (නුවන් තුෂාර 5/2, ප්‍රමෝද් මධුෂාන් 8/3, දුනිත් වෙල්ලාලගේ 9/2, ඩෙව්නි ප්‍රිටෝරියස් 15/1)

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee