slc
logo
Home   |    News
දෙසැම්බර් 23, 2024
පුහුණු තරගවල ජය ශ්‍රී ලංකාවට

sinhala editor

නවසීලන්තයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර විස්සයි-20 තරගාවලියට පෙර නවසීලන්ත XI කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන ලද විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ලින්කොල්න් හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත XI කණ්ඩායම පන්දුවාර 13.4 කදී සියලු දෙනා ලකුණු 94 කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී කැපී පෙනන පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 2.3 කදී ලකුණු 12 කට කඩුලු 3 ක් බිඳ හෙළුවේය. ඊට අමතරව නායක චරිත් අසලංක සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් බිද හෙළද්දී කමිඳු මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

ඒ අනුව ජයග්‍රාහී පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්කය පන්දුවාර 10.5 කදි සපුරා ගත්තේ කඩුලු 3 ක් පමණද් දැවී ගොස් තිබියදීය. මෙහිදී කුසල් පෙරේරා පන්දු 22 කදී ලකුණු 30 ක්ද කමිදු මෙන්ඩිස් පන්දු 22 කදී ලකුණු 28 ක්ද ලබා සිටියදී අනෙක් පිතිකරුවන්ට ක්‍රීඩා කිරීමේ අවකාශ සලසමින් පිටියෙන් ඉවත්ව ගියහ.

මේ අතර මෙම තරගය වේලාසනින්ම ඉවර වීම මත නැවතත් පන්දුවාර 10 බැගින් වූ තරගයක්ද දෙපිළ අතර පැවැත්වූ අතර එම තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 32 කින් ජය ගත්තේය. එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 10 අවසනදී කඩුලු 2 කට ලලකුණු 128 ක් රැස් කළේය. පැතුම් නිස්සංක  පන්දු 15 කදී කුණු 31 ක්ද භානුක රාජපක්ෂ පන්දු 15 කදී ලකුණු 25 ක්ද ලබා සිටියදී සෙසු පිතිකරුවන්ට පන්දුවට පහර දීමේ අවකාශ උදාකර දෙමින්  පිටියෙන් ඉවත්ව ගියහ. ඊට අමතරව වනිඳු හසරංග පන්දු 11 කදී ලකුණු 27 ක් වාර්තා කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ලද නවසීලන්ත XI කණ්ඩායමට නුවන් තුෂාර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ රැස් කරගත හැකි වූයේ කඩුලු 2 ක් දැවී ලකුණු 96 ක් පමණි. බොයිල් ලකුණු 57 ක් වාර්තා කරද්දී නුවන් තුෂාර ලකුණු 10 කට කඩුලු 2 ක් දවා ලූවේය.

පන්දුවාර විස්සයි-20 තරගය

නවසිලන්ත පන්දුවාර 13.4 කදී සියලු දෙනා දැවී ලකුණු 94 යි – (බීජේ. ජෙකොබ්ස් 39, වනිඳු හසරංග 12/3, චරිත් අසලංක 04/2, මතීෂ පතිරණ 07/2, කමිඳු මෙන්ඩිස්ි 05/1, බිනුර ප්‍රනාන්දු 08/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 10.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 97 යි – (කුසල් පෙරේරා 30, කමිඳු නේඩිස් 28, චරිත් අසලංක 18)

පන්දුවාර 10 තරගය

ශ්‍රී ලංකාව පන්දුවාර 10 කදී කඩුලු 2 කට ලකුණු 128 යි – (පැතුම් නිස්සංක 31, වනිඳු හසරංග 27. භානුක රාජපක්ෂ 25)

නවසිලන්ත XI පන්දුවාර 10 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 96 යි – (ටී.බොයිල් 57, නුවන් තුෂාර 10/2)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee