slc
logo
Home   |    News
දෙසැම්බර් 20, 2024
ශ්‍රී ලංකාව පිල නවසීලන්තය බලා පිටත්ව යයි

sinhala editor

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (20 දා) රාත්‍රියේදී නවසීලන්තය බලා පිටත්ව ගියේය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කොටස් දෙකක් වශයෙන් නවසීලන්තය බලා පිටත්ව ගිය අතර එහි පළමු කොටස ඊයේ (19 දා) රාත්‍රියේ පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සර්ව ආගමික වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා ගමන් ඇරඹීය.

“නවසීලන්තය කියන්නේ ඔවුන්ගේ තත්ත්වයන් වලදී ඉතා හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමක්. අපිට තරගාවලිය ආරම්භයට පෙර පුහුණු තරගයකට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක අපිට තරගාවලියට පෙර හොද අවස්ථාවක්. මේ තරගාවලියේදී අපේ අපේ උපරිමය කරලා ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා“ යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පිටත්ව යෑමට මොහොතකට පෙර මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේය.

විස්සයි-20 තරග 3 ට අමතරව මෙම තරගාවලිය යටතේ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියක්ද පැවැත්වීමට නියමිතය. තරගාවලිය ජනවාරි මස 12 වැනිදා අවසන් වනු ඇත.

පන්දුවාර විස්සයි-20 තරගාවලියෙන් ආරම්භ වන දෙරට අතර තරගාවලියේ පළමු තරග දෙක දෙසැම්බර් මස 28 සහ 30 වැනි දිනයන්හිදී ටෟරංගාහි බේ ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. තෙවැනි තරගය 2025 වසරේ ජනවාරි 02 වැනිදා සැක්ස්ටන් ඕවල්හිදී පැවැත්වෙනු ඇත.

එම තරගාවලියෙන් පසුව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ජනවාරි 05 වැනිදා වෙලිංටන්හිදී ආරම්භ වේ. එහි දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් 08 වැනිදා සහ 11 වැනිදා හැමිල්ටන් සහ ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, චමිඳු වික්‍රමසිංහ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, කුසල් පෙරේරා.

Active filters

Recent Posts

  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]
  • එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ තුන්වැනි තැන මහීෂ් තීක්ෂණට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිවේදනය කරන ලද නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ එහි තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee