slc
logo
Home   |    News
දෙසැම්බර් 20, 2024
ශ්‍රී ලංකාව පිල නවසීලන්තය බලා පිටත්ව යයි

sinhala editor

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (20 දා) රාත්‍රියේදී නවසීලන්තය බලා පිටත්ව ගියේය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කොටස් දෙකක් වශයෙන් නවසීලන්තය බලා පිටත්ව ගිය අතර එහි පළමු කොටස ඊයේ (19 දා) රාත්‍රියේ පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සර්ව ආගමික වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා ගමන් ඇරඹීය.

“නවසීලන්තය කියන්නේ ඔවුන්ගේ තත්ත්වයන් වලදී ඉතා හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමක්. අපිට තරගාවලිය ආරම්භයට පෙර පුහුණු තරගයකට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක අපිට තරගාවලියට පෙර හොද අවස්ථාවක්. මේ තරගාවලියේදී අපේ අපේ උපරිමය කරලා ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා“ යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පිටත්ව යෑමට මොහොතකට පෙර මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේය.

විස්සයි-20 තරග 3 ට අමතරව මෙම තරගාවලිය යටතේ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියක්ද පැවැත්වීමට නියමිතය. තරගාවලිය ජනවාරි මස 12 වැනිදා අවසන් වනු ඇත.

පන්දුවාර විස්සයි-20 තරගාවලියෙන් ආරම්භ වන දෙරට අතර තරගාවලියේ පළමු තරග දෙක දෙසැම්බර් මස 28 සහ 30 වැනි දිනයන්හිදී ටෟරංගාහි බේ ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. තෙවැනි තරගය 2025 වසරේ ජනවාරි 02 වැනිදා සැක්ස්ටන් ඕවල්හිදී පැවැත්වෙනු ඇත.

එම තරගාවලියෙන් පසුව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ජනවාරි 05 වැනිදා වෙලිංටන්හිදී ආරම්භ වේ. එහි දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් 08 වැනිදා සහ 11 වැනිදා හැමිල්ටන් සහ ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, චමිඳු වික්‍රමසිංහ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, කුසල් පෙරේරා.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee