slc
logo
Home   |    News
දෙසැම්බර් 14, 2024
ජැෆ්නා ටයිටෑන්ස් තෙවැනි ජයත් වාර්තා කරයි.

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (14 දා) 11 වැනි තරගය ලෙසින්ගෝ ල් මාවල්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ජැෆ්නා කණ්ඩායම වාර්තා කරන ලද තෙවැනි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගෝල් මාවල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසනදී කඩුලු 7 ක් දැවී ලබාගත් ලකුණු 106 ක ඉලක්කය හඹා ගිය ජැෆ්නා ටයිටෑන්ස් පිල  පන්දු 9 ක් සහ කඩුලු 7 ක් ඉතිරිව තිබියදී සපුරා ගැනීමට සමත්විය.

මෙහිදී අගනා පිතිහරඹයක නියැලුණු කුසල් මෙන්ඩිස් පන්දු 14 කදී වේගවත් ලකුණු 31 ක් රැස් කළේ තම ඉනිම හයේ පහර 4 කින් සරසාගනිමිනි. කුසල් සහ ටොම් කොලර් කැඩ්මෝර් අතර පළමු කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 26 කදී ලකුණු 53 ක් විය. මෙහිදී කැඩ්මෝ පන්දු 21 කදී ලකුණු 32 ක් ලබමින් පිත්තෙන් දස්කම් දැක්වූවේය. ඊට අමතරව චරිත් අසලංක පන්දු 11 කදී වේගවත් ලකුණු 25 ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමිනි.

ගෝල් කණ්ඩායම වෙනුවෙන් ඉහළම ලකුණු රැස් කරන ලද්දේ ඇලෙක්ස් හේල්ස් වන අතර ඔහු ලකුණු 21 ක් ලබා ගත්තේය. ඔහුට අමතව ශකීබ් අල් හසන් සහ භානුක රාජපක්ෂ ලකුණු 20 බැගින් රැස් කළහ. පන්දු යැවීමේදී ඩ්වයින් ප්‍රි ටෝරියස් ලකුණු 18 කට කඩුලු 2 ක් දවා ගනිද්දී ට්‍රෙවීන් මැතිව්, ජෝර්ජ් කාර්ටන් සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

මේ අතර අද දිනයේ පළමුවෙන්ම පැවැත්වීමට නියමිතව තිබූ කලම්බු ජැගුවර්ස් සහ කැන්ඩි බෝල්ට්ස් අතර තරගයට වර්ෂාවෙන් බාධා පැමිණවීම නිසා එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට විනිසුරුවන්ට සිදුවිය.

ගෝල් මාවල්ස් පන්දුවාර 10 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 107 යි – (නිරෝෂන් දික්වැල්ල 11, ඇලෙක්ස් හේල්ස් 21, ශකීබ් අල් හසන් 20, භානුක රාජපක්ෂ 20, සදීෂ රාජපක්ෂ 10*, මහීෂ් තීක්ෂණ 13*, ඩ්වයින් ප්‍රි ටෝරියස් 18/2, ට්‍රෙවීන් මැතිව් 19/1, ජෝර්ජ් ගාර්ටන් 17/1, නුවන් තුෂාර 16/1)

ජැෆ්නා ටයිටෑන්ස් පන්දුවාර 8.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 109 යි – (ටොම් කොලර් කැඩ්මෝර් 32, කුසල් මෙන්ඩිස් 31, චරිත් අසලංක 25, බිනුර ප්‍රනාන්දු 26/1, සහූර් ඛාන් 27/1, චමිදු වික්‍රමසිංහ 11/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar