slc
logo
Home   |    News
දෙසැම්බර් 31, 2024
දෙවැනි තරගයෙන් නවසීලන්තයට ලකුණු 45 ක ජයක්

sinhala editor

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර මවුන්ට් මන්ගනුයිහිදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 45 ක ජයක් අත්කරගත් සත්කාරක නවසීලන්ත කණ්ඩායම තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිියදීම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට සමත්විය.

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5 කට ලකුණු 186 ක් ලබා ගත් අතර එය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.1 කදී සියලු දෙනා ලකුණු 141 කට දවා ගැනීමට සත්කාරක පන්දු යවන්නෝ සමත්වූහ.

පළමු තරගයේ  පරිදිම මෙම තරගයේදීත් ශ්‍රී ලංකා ඉදිරි පෙළ  පිතිකරුවන් සාර්ථක වුණු නමුත් මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන්ගේ අසාර්ථක භාවයද මෙම තරගයට බලපෑවේය. පන්දුවාර 15 ක් අවසනදී කඩුලු 3 කට ලකුණු 127 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 7 ම ලකුණු 14 ක් ඇතුළත බිඳ වැටීම කණගාටු දායක විය.

කුසල් මෙන්ඩිස් මුලු ලකුණු සංඛ්‍යාව 32 දී ලකුණු 10 කට දැවී ගිය නමුත් පැතුම් නිස්සංකට එක් වුණු කුසල් පෙරේරා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 39 කුත් කමිදු මෙන්ඩිස් සමග තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 26 කුත් සහ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් චරිත් අසලංක සමග එක්ව ලකුණු 30 ක සම්බන්ධතාවකුත් පවත්වමින් ශ්‍රී ලංකාව ස්ථාවර තැනකට රැගෙන ඒමට සමත් වුවත්, කුසල් පෙරේරාගේ දැවී යෑමෙන් පසු සියල්ල වෙනස් වන්නට ගියේ ලකුණු පුවරුවට ලකුණු 14 ක් එක්වන්නට ගිය කාලය පමණි.

කුසල් පන්දු 35 කින් ලකුණු 48 ක් රැස් කරද්දී  පැතුම් නිස්සංක පන්දු 28 කදී ලකුණු 38 ක් රැස් කළේය. ද්විත්ව ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් අවසන් පිතිකරුවා වූ නායක චරිත් අසලංක පන්දු 16 කදී ලකුණු 20 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී යළිත් දක්ෂතා අතරට පිවිසි ජේකබ් ඩෆී කඩුලු 4 ක් දවා ගත්තේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදිමිනි. කඩුලු 4 ක් දවා ගැනීමට ඩෆී සමත් වුවද තරගයේ වීරයා ලෙසින් සම්මාන ලද්දේ පන්දු 19 කදී ලකුණු 41 ක් රැස් කර ගත් මිචෙල් හේ විය.

නවසීලන්ත ඉනිම ක්‍රියාත්මක වද්දී ඔවුන්ගේ දැවැන්ත ලකුණු සංඛ්‍යාවට ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වූයේ අවසන් පන්දුවාර 4 දී ලකුණු 53 ක් රැස් කර ගැනීමට සමත් වීමයි. 16 වැනි පන්දුවාරය අවසන් වන විට නවසීලන්ත ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 4 ට ලකුණු 133 ක් වශයෙනි. එහෙත් එතැන් සිට ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වුණු මිචෙල් හේ ප්‍රමුඛ නවසීලන්ත පිතිකරුවෝ අවසන් පන්දු 16 න් ලකුණු 53 ක් රැස් කර ගනිමින් ලකුණු 187 ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකාව හමුවේ තැබූහ.

සෙනසුරාදා පැවැති තරගයේදී පන්දුවාර 4 දී ලකුණු 60 ක් ලබා දුන් මතීෂ පතිරණට එරෙහිව අද තරගයේදීද ලකුණු 37 ක් ලබා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත්වද්දී වැඩිම ප්‍රහාරයකට ලක්වූ පන්දු යවන්නා බවට පත්වූයේ මහීෂ් තීක්ෂණ වන අතර ඔහුගේ  පන්දුවාර 4 ඇතුළතදී ලකුණු 52 ක් ලබා ගෙන තිබිණ.

නවසීලන්ත පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 186 යි – (ටිම් රොබින්සන් 41, මාක් චැප්මන් 42, ග්ලෙන් පිලිප්ස් 23, ඩැරල් මිචෙල් 18, මිචෙල් හේ 41*, වනිදු හසරංග 28/2, මතීෂ පතිරණ 37/1, නුවන් තුෂාර 25/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 19.1 කදී සියලු දෙනා දැවී ලකුණු 141 යි – (පැතුම් නිස්සංක 37, කුසල් මෙන්ඩිස් 10, කුසල් පෙරේරා 48, චරිත් අසලංක 20, ජේකබ් ඩෆී 15/4, මැට් හෙන්රි 31/2, මිචෙල් සැන්ට්නර් 22/2)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee