බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්‍ෂතාවක් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයට අද සුදුසුකම් ලබා ගත්හ.
මැලේසියාවේ පැවැත්වෙන 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විශිෂ්ට ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා පිල සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වීම විශේෂත්වයකි.
කාසියේ වාසිය දිනා පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 166ක් ලබාගත් අතර, බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 19.4කදී සියලු දෙනා ලකුණු 85කට දැවී ගියහ. ශ්‍රී ලංකා පිල 19 කාන්තා විස්සයි20 ලෝක කුසලානයේ මෙතෙක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය.
වමතින් දඟපන්දු යවන චමුදි ප්‍රබෝදා ලකුණු 16කට කඩුලු 3ක්, අසේනි තලගුණේ ලකුණු 16කට කඩුලු 2ක් හා ලිමන්සා තිලකරත්න ලකුණු 7කට කඩුලු 2ක් බිඳහෙලා බටහිර ඉන්දීය කොදෙව් පිල අසරණ කළහ.
ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකාරිණියන් වූ සුමුදු නිසංසලා සහ සංජනා කාවින්දි ‘පවර් ප්ලේ‘ හි ලකුණු 48ක් ලබාගත් අතර,නිසංසලා ලකුණු 19කට දැවී යද්දී ලකුණු පුවරුව 54ක් විය. දෙවැනි කඩුල්ලට සංජනා කාවින්දි හා නායිකා මනුදි නානායක්කාර පන්දු 35කදී ලකුණු 48ක සබඳතාවක් ගොඩනැංවීමට සමත් විය. සංජනා පන්දු 36කදී හතරේ 6ක් සමඟ ලකුණු 38ක් හා මනුදි පන්දු 31කදී හතරේ 4ක් හා හයේ පහරක් සමඟ ලකුණු 37ක් ලැබීය. දැහමි සනෙත්මා පන්දු 25 කදී නොදැවී ලකුණු 31ක් රැස්කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කළාය.
ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා පිල කඩුලු 5කට ලකුණු 166 (ඕවර් 20) සංජනා කාවින්දි 39, සුමුදු නිසංසලා 19, මනුදි නානායක්කාර 41, දැහමි සනෙත්මා නොදැවි 31, අතිරේක 31 (සෙලීනා රොස් 25/2)
බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කාන්තා පිල ලකුණු 85 (සමාරා රාම්නාත් 24, ජහසරා ක්ලැක්ස්ටන් 15, චමුදි ප්‍රබෝදා 3/16 (චමුදි ප්‍රබෝදා 16/3, අසේනි තලගුණේ 16/2, ලිමන්සා තිලකරත්න 7/2)