slc
logo
Home   |    News
ජනවාරි 14, 2025
පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති

sinhala editor

ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු පුහුණු තරගයෙන් බංග්ලාදේශ බාළිකා පිල හමුවේ කඩුලු 4 කින් පරාජයට පත්වීමට සිදුවිිය.

ක්වාලලාම්පූර්හිදී පැවැති මෙම පුහුණු තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා බාළිකා නායිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කලාය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 3 ක් දැවී ලකුණු 124 ක් ලබා ගැනීමට සමත්විය. ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ බාළිකාවෝ පන්දු 9 ක් සහ කඩුලු 4 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගැනීමට සමත්වූහ.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කිරීමට දැහැමි සෙනෙත්මා සහ සංජනා කාවින්දි දෙදෙනා සමත්වූහ. ඔවුන් දෙදෙනා එක්ව පන්දු 58 කදී ලකුණු 42 කින් ශ්‍රී ලංකාවට හොද ආරම්භයක් ලබා දුන්හ. මෙහිදී සෙනෙත්මා  පන්දු 28 කදී ලකුණු 20 ක්ද කාවින්දි පන්දු 32 කදී ලකුණු 19 ක් ද ලබාගෙන සිටියහ.

අනතුරුව දෙවැනි කඩුල්ලට එක් වුණු නායිකා මනුදි නානායක්කාර සහ හිරුණි හංසිකා තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී වේගවත් ලකුණු 42 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාවට යළිත් සාර්ථක කඩුලු සම්බන්ධතාවකට පාර කැපූහ. මෙහිදී හිරුණු හංසිකා පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 29 ක්ද නායිකා මනුදි පන්දු 26 කදී හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 31 ක්ද රැස් කරගත්තාය. අවසන් පන්දුවාර කීපයේදී පන්දුවට පහර දීමට පිටියට පිවිසි රශ්මිකා සෙව්වන්දි පන්දු 13 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 22 ක් ලබා සිටියියා.  මොවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 20 කදී ලකුණු 40 ක් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී පළමු කඩුල්ල පළමු පන්දුවාරයේදීම දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණද දෙවැනි සහ තෙවැනි කඩුලු වලදී බංග්ලාදේශ පිතිකාරිණියන් දක්ෂතා අතරට පිවිසීමට සමත්වීම නිසා ශ්‍රී ලංකාව අතින් තරගය ගිලිහී යෑමට මූලිකම හේතු විය.

මෙහිදී බංග්ලාදේශ යොවුන් පිල වෙනුවෙන් සාර්ථකම පිතිකාරිණිය බවට පත්වූ ජුාරියා ෆර්ඩස් තරගය අහවර වෙන තෙක්ම කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 42 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 4 ක් ද සමගින් ලකුණු 55 ක් රැස් කරගෙන සිටියාය. ඇයට අමතරව සුමයියා අක්තර්  පන්දු 31 කදී ලකුණු 34 ක් ලබා ගනිමින් බංග්ලාදේශ ජයග්‍රහණයට දායකත්වය දැක්වූවාය.

පන්දු යැවීමේදී ශෂිනි ගිම්හානි ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගනිමින් ඉනිමේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කර ගැනීමට සමත්වූවාය. ඇයට අමතරව මනුදි නානායක්කාර, අෂේනි තලගුණේ සහ රශ්මිකා සෙව්වන්දි එක් කඩුල්ල බැගින් දවාගෙන තිබුණහ.

ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගිවන දෙවැනි පුහුණු තරගය මේ මස 15 වැනිදා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 3 ක් දැවී ලකුණු 124 යි – (සංජනා කාවින්දි 19, දැහැමි සෙනෙත්මා 20, මනුදි නානායක්කාර 31*, හිරුණි හංසිකා 29, රශ්මිකා සෙව්වන්දි 22*, ෆර්ජනා එස්මින් 20/1)

බංග්ලාදේශ බාළිකා කණ්ඩායම පන්දුවාර 18.3 කදී කඩුලු 6 කට ලකුණු 125 යි – (සුමියා අක්තර් 34, ජුරායියා ෆර්ඩස් 55, ශෂිනි ගිම්හානි 31/2)

Active filters

Recent Posts

  • වෝන් – මුරලි කුසලානය ඔස්ට්‍රේලියාව රැගෙන යයි
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක ජයක් හිමි කර ගත්තේය. දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් […]
  • ළහිරු උදාරගෙන් ද්විත්ව ශතකයක්
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මොරටුවේ පැවැත්වෙන එන්.සී.සී. – මුවර්ස් තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 214කට මුහුණ […]
  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee