ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැති තරග අතුරින් බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බී.ආර්.සී. – එන්.සී.සී. තරගයේ දී බී.ආර්.සී. කණ්ඩායම දෙවන දින (25) නිම වන විට ප්‍රබලම තත්ත්වයක පසු විය.
එස්.එස්.සී. පළමු ඉනිමේ රැස් කළ ලකුණු 116ට පිළිතුරු ලෙස බී.ආර්.සී. කඩුලු 6කට ලකුණු 340ක් ලබා තම වාරය නතර කළේය. දෙවන දින තරගය නිම වන විට එස්.එස්.සී. ලකුණු 108කට කඩුලු 4ක් දැවී ඉනිමක පරාජයෙන් බේරීමට කඩුලු හයක් ඉතිරිව තවත් ලකුණු 116ක් අවශ්‍යව සිටියේය.
බී.ආර්.සී. කණ්ඩායමේ රොෂෙන් සිල්වා (නොදැවී 105යි) සහ මොවින් සුබසිංහ (නොදැවී 100) හත්වන කඩුල්ලට නොදැවී ලකුණු 138ක සබඳතාවයක් මෙදින තබා ගැනීම විශේෂ සිදුවීමකි.
සරේ ක්‍රීඩාංගණයේ පැවැති කෝල්ට්ස් – බදුරලිය තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායමේ අකිල ධනංජය ලකුණු 42කට කඩුලු හයක් ද බදුරලිය කණ්ඩායමේ චානක කොමසාරු ලකුණු 46කට කඩුලු හයක් ද දවාලමින් පන්දු යැවීමේ දී දක්ෂතා දැක්විය.
ටැමිල් යුනියන් – කැන්ඩි කස්ටම් තරගයේ දී ටැමිල් යුනියන් කණ්ඩායමේ තරිඳු රත්නායක ලකුණු 34කට කඩුලු අටක් දවාලීමෙන් කැන්ඩි කස්ට්ම් පළමු ඉනිමේ දැවී ගියේ ලකුණු 99කටය.
එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක කණ්ඩායම අතර තරගයේ දී නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජයේ තිලකරත්න සම්පත් ලකුණු 88කට කඩුලු පහක්ම බිඳ දැමීමට සමත් විය.
එන්.සී.සී. – නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය (එන්.සී.සී. පළමු ඉනිම ඉදිරියෙන්)
එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ පළමු ඉනිමේ දී එන්.සී.සී. කණ්ඩායම ලකුණු 45කින් ඉදිරියෙන් සිටීමට සමත් විය.
එන්.සී.සී. කණ්ඩායමේ සම්පත් නිශ්ශංක දඟපන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 31කට කඩුලු පහක් දවාලීමෙන් නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය පළමු ඉනිම ලකුණු 153කට සීමා විණි.
පළමු ඉනිම සඳහා එන්.සී.සී. පන්දුවට පහරදෙද්දී චාමික කරුණාරත්න පන්දු 24ක දී හතරේ පහර හතක් හයේ පහර දෙකක් සමග කඩිනමින් ලකුණු 43ක් රැස් කර වැඩිම ලකුණු ලැබීය.
නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය පළමු ඉනිම 153 – (චාමිකර එදිරිසිංහ 54, අක්රම් මුතාලිබ් 38, ඇන්ජලෝ පෙරේරා 22, අවිශ්ක පෙරේරා 15, සම්පත් නිශ්ශංක 31/5, චාමික කරුණාරත්න 36/2, සහන් ආරච්චිගේ 22/2)
එන්.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 198යි – (චාමික කරුණාරත්න 43, කමිල් මිෂාර 32, චාමික ගුණසේකර 31, ලසිත් ඇඹුල්දෙණිය 35, කෙවින් බණ්ඩාර 22, තිලකරත්න සම්පත් 88/5, දිල්ෂාන් අබේසිංහ 39/3)
නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය දෙවන ඉනිම කඩුලු 2ට 84යි –(රොෂාන් විජේනායක නොදැවී 32, අවිශ්ක පෙරේරා 31, දිලාන් ජයලත් 18, අෂේන් ඩැනියල් 13/1)
- එස්.එස්.සී. – බී.ආර්.සී. (බී.ආර්.සී. ප්‍රබල තත්ත්වයක)
බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දෙවන දින (25) නිම වන විට බී.ආර්.සී. තරගයෙන් ජය ගන්නා තත්ත්වයක පසු විය.
එස්.එස්.සී. මේ වන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් කඩුලු හතරක් දැවී ලකුණු 108ක් ලබා සිටින අතර ඔවුනට ඉනිමක පරාජයෙන් බේරීමට දෙවන ඉනිමේ දී ඉතිරිව ඇති කඩුලු හයෙන් තවත් ලකුණු 116ක් අවශ්‍යව සිටී.
බී.ආර්.සී. කණ්ඩායමේ රොෂේන් සිල්වා නොදැවී ලකුණු 105ක් ද මොවින් සුබසිංහ නොදැවී ලකුණු 100ක් ද රැස් කර හත්වන කඩුල්ලට නොදැවී ලකුණු 138ක සබඳතාවයක් පැවැත්විය.
එස්.එස්.සී. පළමු ඉනිම සියල්ල දැවී 116යි – (සසිඳු මල්ෂාන් 32, ලක්ෂිත මානසිංහ 17, නිසල තාරක 14, ෂෙවෝන් ඩැනියල් 12, මනෝජ් සරත්චන්ද්‍ර 12, මාලින්ද පුෂ්පකුමාර 35/7, මොවින් සුබසිංහ 35/2)
බී.ආර්.සී. පළමු ඉනිම කඩුලු 6ට 340 – (රොෂේන් සිල්වා නොදැවී 105,මොවුන් සුබසිංහ නොදැවී 100, දිනුරු අබේවික්‍රම 51, දිල්ෂාන් ද සොයිසා 26, චාමික හීනටිගල 15, නිම්නක ජයතිලක 108/3, නිසල තාරක 43/2)
එස්.එස්.සී. දෙවන ඉනිම කඩුලු 4ට 108යි – (නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 32, ක්‍රිෂාන් සංජුල 32, ලක්ෂාන් මනසිංහ 22, මාලින්ද පුෂ්පකුමාර 38/2)
- මුවර්ස් – සී.සී.සී. (සී.සී.සී. පළමු ඉනිමේ දී 301යි)
සී.සී.සී. අංක තුන පිතිකරු මිනෝද් භානුක පන්දු 123කට මුහුණ දී හතරේ 11ක් සමග ලකුණු 83ක් ද අංක හය පිතිකරු චමිඳු විජේසිංහ පන්දු 90ක දී හතරේ දෙකක් හයේ දෙකක් සමග ලකුණු 50ක් ද රැස් කිරීමෙන් සී.සී.සී. කණ්ඩායමට පළමු ඉනිමේ දී ලකුණු 301ක් රැස් කිරීමට අවස්ථාව උදා විණි.
පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන මුවර්ස් මේ වන විට සී.සී.සී. පළමු ඉනිමට වඩා ලකුණු 224ක් පිටුපසින් සිටින්නේ තවත් කඩුලු හයක් ඉතිරිවය.
සී.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 301ක් – (මිනෝද් භානුක 83, චමිඳු විජේසිංහ 50, පවන් රත්නායක 19, සඳුන් මෙන්ඩිස් නොදැවී 19, පවන් පතිරාජ 18, ඉසුරු උදාන 17, ශිරාන් ප්‍රනාන්දු 64/5, රමේෂ් මෙන්ඩිස් 102/3)
මුවර්ස් පළමු ඉනිම දෙවන දින තරගය නිම වන විට කඩුලු 4ට 77යි –(ෂොහාන් ඩි ලිවේරා 29, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 16, ලසිත් අබේරත්න 14, චමිඳු විජේසිංහ 11/2)
- පොලීසිය – රාගම (කණ්ඩායම් දෙකෙන්ම අඩු ලකුණු සංඛ්‍යා)
මොරටුව පැවැත්වෙන පොලීසිය සහ රාගම අතර තරගයේ කණ්ඩායම් දෙකම පළමු ඉනිමේ දී දෙවන දින නිම වන විට පසු වන්නේ අඩු ලකුණු සංඛ්‍යාවන්හිදීය.
පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 58ක දී හතරේ දෙකක් සමග ලකුණු 41ක් රැස් කර වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටී.
පොලීසිය පළමු ඉනිම සියල්ල දැවී 141යි – (අෂේන් බණ්ඩාර 41, අවිශ්ක තරිඳු 27, නලින් ප්‍රියදර්ශන 22, හෙෂාන් ධනුෂ්ක 15, ජනිත් ලියනගේ 30/3, දමිත සිල්වා 15/2)
රාගම පළමු ඉනිම දෙවන දින තරගය නිම වන විට කඩුලු 4ට 75යි – (ජනිත් ලියනගේ 25, සංතූෂ් ගුණතිලක නොදැවී 17, යොහාන් ලියනගේ 11, දිලුම් සුධීර 27/2යි)
- බදුරලිය – කෝල්ට්ස්
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ මේ තරගය දෙවන දින වන අද (25) මේ වන විටත් තවමත් පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන හෙයින් විසඳුමකින් තොර වන ලකුණු පහළ කර තිබේ.
බදුරලිය කණ්ඩායමේ චානක කොමසාරු ලකුණු 43කට කෝල්ට්ස් පිතිකරුවන් පහක් මේ වන විට දවා සිටී.
බදුරලිය පළමු ඉනිම සියල්ල දැවී 143යි – (රනේෂ් සිල්වා 43, අලංකාර අසලංක 27, දුල්නිත් සිගේරා 22, චානක රුවන්සිරි 15, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 13, අකිල ධනංජය 42/6, උදිත් මධුෂාන් 30/2)
කෝල්ට්ස් පළමු ඉනිම කඩුලු 9ට 149යි – (ෂෙරාන් ෆොන්සේකා නොදැවී 63, කවිශ්ක අංජුල 31, රවිඳු රසන්ත 21, චානක කොමසාරු 46/6)
- බ්ලුම්ෆීල්ඩ් – මීගමුව – (බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිමේ ලකුණු 20කින් ඉදිරියෙන්)
බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ පළමු ඉනිමේ දී බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිමේ දී ලකුණු 20කින් ඉදිරියෙන් පසු වේ.
බ්ලුම්ෆීල්ඩ් වෙනුවෙන් ළහිරු මධුෂාන් නොදැවී 55ක් ද මීගමුව කණ්ඩායම සඳහා ප්‍රමෝද් මධුවන්ත ලකුණු 53ක් ද රැස් කර අර්ධ ශතක ලැබීය.
බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම සියල්ල දැවී 172යි – (ළහිරු මධුෂාන් නොදැවී 55, තරිඳු ගුරුගේ 27, රවිඳු ප්‍රනාන්දු 22, දිල්ෂාන් මුණවීර 27/4, මාධව වර්ණපුර 14/2, ධනුෂ්ක සඳරුවන් 47/2)
මීගමුව පළමු ඉනිම සියල්ල දැවී 152යි – (ප්‍රමෝද් මධුවන්ත 53, පසිඳු ලක්ශංක 26, උපුල් ඉන්ද්‍රසිරි 23, ධනුෂ්ක සඳරුවන් 17, ඉසිත විජේසුන්දර 33/3, රවිඳු ප්‍රනාන්දු 41/3)
බ්ලුම්ෆීල්ඩ් දෙවන ඉනිම කිසිවකු නොදැවී 23යි
- කැන්ඩි කස්ටම් – ටැමිල් යුනියන්
ටැමිල් යුනියන් කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය. මේ තරගය කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
ටැමිල් යුනියන් කණ්ඩායමේ තරිඳු රත්නායක ලකුණු 34කට කඩුලු අටක් දවාලීම මත කැන්ඩි කස්ටම් පළමු ඉනිම ලකුණු 99කට සීමා විණි.
කැන්ඩි කස්ටම් පළමු ඉනිම සියල්ල දැවී 99යි – (උමේෂ් උදයංග 21, සචිත පෙරේරා 19, ෂෙහාන් ප්‍රනාන්දු 12, රොස්කෝ තටිල් 08, තරිඳු රත්නායක 34/8)
ටැමිල් යුනියන් පළමු ඉනිම කඩුලු 9ට 152යි – (නවෝද් පරණවිතාන 36, තරුෂ ප්‍රනාන්දු නොදැවී 27, තුලින දිල්ෂාන් 23, මොහමඩ් ෂාමාෂ් 14, බුද්ධික විහස් තෙව්මික 13, සචිත ජයතිලක 13, සංජීව 45/3, සචිත්‍ර පෙරේරා 24/3, අවිඳු තීක්ෂණ 22/2)