slc
logo
Home   |    News
ජනවාරි 12, 2025
ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්

sinhala editor

ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු තරග 2 පරාජයට පත්වීම නිසා තරගාවලිය 2-1 ක් ලෙස ගෞරවාන්විතව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ අර්ධ ශතක ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම පෝෂණය කළය. මොවුන් තිදෙනාගේ ඉනිම් ප්‍රධාන කොට ලකුණු 300 ආසන්නයට හෙවත් කඩුලු 8 කට ලකුණු 290 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

එම ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 29.4 කදී සියලු දෙනා දැවී ලකුණු 150 ක්  පමණි. සුපිරි පන්දු යැවීමක නිරත වුණු අසිත ප්‍රනාන්දු මහීෂ් තීක්ෂණ සහ එෂාන් මාලිංග කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

ආරම්භක පන්දු යවන්නා ලෙනින් කටයුතු කළ අසිත ප්‍රනාන්දු තම පළමු පන්දුවාර 5 ඇතුළතදී නවසීලන්ත  පිලේ ඉදිරි පෙළ කඩුලු 3 ක් දවා ලීමට සමත්වීම නිසා පන්දුවාර 7 ක් අවසන් වන විට නවසීලන්ත ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 21 කට කඩුලු 5 ක් ලෙසිනි. කෙසේ වෙතත් තරගය ඉදිරියට රැගෙන යෑම වෙනුවෙන් මාක් චැප්මන්  දැඩි සටනක් ලබා දුන් නමුත් ඔහු තීක්ෂණගේ ගොදුරුක් ලෙසින් ලකුණු 81 කට දැවී ගියේය.්‍

අසිත ප්‍රනාන්දු එක් පසෙකින් පීඩනය එල්ල කරද්දී අනෙක් අන්ත වලින් පන්දු යැවී එෂාන් මාලිංග සහ මහීෂ් තීක්ෂණ නවසීලන්ත පිතිකරුවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන්හ. තවමත් තම තෙවැනි එක්දින තරගයට සහභාගිව සිටින මාලිංග අද දිනයේදී සිය හොඳම  පන්දු යැවීම ලෙස ලකුණු 35 ට කඩුලු 3 ක් සටහන් කර ගත්තේය. යවන ලද පන්දුවාර 7 දී ලකුණු 26 ක් පමණක් ලබා දී කඩුලු 3 ක් දවා ගත් අසිත ප්‍රනාන්දු තරගයේ වීිරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය.

ඉනිමේ පළමු අර්ධ ශතක ලාභියා වූ පැතුම් නිස්සංක පන්දු 31 කින් සිය අර්ධ ශතක සම්පූර්ණ කර ගත්තේය. ඔහු ලබා ගත් ලකුණු 66 න් ලකුණු 54 ක්ම හයේ සහ හතරේ පහර වලින් රැස් කරන ලද ඒවා විය. ඔහුගේ ඉනිම හතරේ පහර 6 කින් සහ හයේ පහර 5 කින් සමන්විත විය.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 දී කඩුලු 8 ට ලකුණු 290 යි – පැතුම් නිස්සංක 66, අවිශ්ක  ප්‍රනාන්දු 17, කුසල් මෙන්ඩිස් 54, කමිඳු මෙන්ඩිස් 46, ජනිත් ලියනගේ 53, චමිඳු වික්‍රමසිංහ 19, වනිඳු හසරංග 15, මහීෂ් තීක්ෂණ 11*, මැට් හෙන්රි 55/4, මිචෙල් සැන්ට්නර් 55/2)

නවසීලන්ත පන්දුවාර 29.4 කදී සියලු දෙනා දැවී ලකුණු 150 යි – (මාක් චැප්මන් 81, මයිකල් බ්‍රේස්වෙල් 13, නේතන් ස්මිත් 17, මැට් හෙන්රි 12, අසිත ප්‍රනාන්දු 26/3, එෂාන් මාලිංග 35/3, මහීෂ් තීක්ෂණ 35/3)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

USD United States (US) dollar