වෝන් – මුරලි කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර එම කුසලාන එළිදැක්වීම අද (28 දා) යුනෙස්කෝ උරුමයක් ලෙසින් ප්‍රසිද්ධ ගාලු කොටු පවුර අසළ පිහිටා ඇති අති දර්ශනීය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සිදුකෙරිණ. මේ සඳහා ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සහ ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සහභාගිවූහ.
ලෝක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්ත දෙකක් වශයෙන් සැලකෙන ෂේන් වෝන් සහ මුත්තයියා මුරලිදරන් ගේ නම් එකතු කරමින් නම් කොට ඇති වෝන් – මුරලි කුසලාන එළිදැක්වීම ක්‍රිකට් හා ශ්‍රී ලාංකේය සංස්කෘතිය මිශ්‍රණයක් ලෙසින් අද දිනයේදී එළි දැක්වීම සිදුකෙරිණ.
මෙම චාම් උත්සවයේදී නාග රක්ෂ, ගුරුලු රක්ෂා, සුරබ වල්ලිය සහ නාරිලතා ඇතුළු සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය වෙසේ මුහුණු ප්‍රදර්ශනය කිරීම එම එළිදැක්වීමේදී කැපී පෙනෙන අංගයක් බවට ත්විය. ඒ සෑම වෙන්මුහුණක්ම අද්විතීය සංස්කෘතික යා කලාව වැදගත් පරිඡේදයක් දරනු ඇත. ශ්‍රී ලංකාවේ ජනප්‍රවාද සහ සම්ප්‍රදායන් සංකේතවත් කරනු ලබන මෙම වෙස් මුහුණුවලින් සමන්විත වුණු වර්ණවත් උළෙල මෙම අවස්ථාවට සැබෑම සංස්කෘතික වටිනාමක් එක් කරවන්නක් බවට පත්විය.
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේද සහයෝගය ඇතිව පවත්වන ලද මෙම උත්සවයට සාම්ප්‍රදායික බෙර වාදනය සහ ශ්‍රී ලංකා චාරිත්‍ර වාරිත හා සංස්කෘතිය භාවිතයන්හි ගැඹුරින් මුල් බැසගත් දුම්මල ගිනිදැල් ප්‍රදර්ශනයකින්ද සමන්විත විය.
දෙපිළේ නායකයින්ට අමතරව තරගාවලියේ අනුග්‍රාහක භවතුන් සහ සංචාරක මණ්ඩලයේ නිලධාරීන් මෙම එළිදැක්වීමට සහභාගිවූහ.