ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා මත පදනම්ව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරනු ලබන එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව සිටියි. ප්‍රසාද ලකුණු 699 ක් ලබා එහි පළමු ස්ථානයේ රැඳී සිටි ඇෆ්ගනිස්තානු ක්‍රීඩක රශීඩ් ඛාන්ව දෙවැනි තැනට ඇද දමමින් ප්‍රසාද ලකුණු 680 ක් ලබමින් තීක්ෂණ එහි පළමු ස්ථානයට පැමිණ සිටියි.
ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියට පෙර එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ලකුණු 663 ක් ලබා සිටි තීක්ෂණ එම තරාවලියේ පළමු තරගයේදී ලකුණු 40 කට කඩුලු 4 ක් දවා ගනිමින් දක්වන ලද දක්ෂතා හේතුවෙන් ඔහුට එහි පළමු තැන හිමිව තිබේ.
මේ අතර එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව පියව ර8 ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා එක්දින පිලේ නායක චරිත් අසලංක සමත්ව සිටින අතර නවමත ශ්‍රේණිගත කිරීමට අනුව ඔහු එම ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයට පැමිණ සිටියි. සෙසු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතර වනිඳු හසරංග (19), දුනිත් වෙල්ලාලගේ (37) ඩිල්ෂාන් මදුශංක (53) සහ අසිත ප්‍රනාන්දු (57) සහ ජෙෆ්රි වැන්ඩර්සි (81) ලොව පළමු පන්දු යවන්නන් 100 දෙනා අතර සිටින පන්දු යවන්නෝ බවට පත්ව සිටිති.