slc
logo
Home   |    News
පෙබරවාරි 8, 2025
ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්

sinhala editor

‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම ටෙස්ට් තරගය නිමාවීමට තවත් දින දෙකක් ඉතිරිව තිබෙන හෙයින් තීරණය වීවෘත ස්භාවයකට පත්ව තිබේ.

අද දිනය නිමාවෙද්දී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 48ක් ලබා තම 21වැනි ටෙස්ට් අර්ධ ශතකයට ආසන්නයේ සිටින අතර, දිනයේ යැවූ අවසන් පන්දුවේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 6කට දැවී ගියේය. එක් අන්තයක් ආරක්ෂා කොට පහර දෙන කුසල් මෙන්ඩිස් පන්දු 50කදී හතරේ පහර 5ක් එල්ල කළේය. ඇන්ජලෝ මැතිව්ස් පන්දු 149කට මුහුණදී පැය 2කට වැඩි කාලයක් කඩුල්ලේ රැදී සිට හයේ පහරක් හා හතරේ පහර 4ක් සමඟ ලකුණු 76ක් ලබා තම 45 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස් කළේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිමේ ලබාගත් ලකුණු 257ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව පළමු ඉනිමේ සියලු දෙනා දැවී ලකුණු 414ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව ඔවුන්ට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 157ක් ඉදිරියට යාමට හැකිවිය.

ආසියානු උප මහද්වීපයේ වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ ඕස්ට්‍රේලියානු පිතිකරුවා බවට ස්ටීව් ස්මිත් පත්වූ අතර, හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං තැබූ ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම උඩපන්දු ලබා ගැනීමේ වාර්තාව ස්මිත් බිඳ දැමීය. දැන් ස්මිත් ටෙස්ට් තරගවලදී වැඩිම උඩපන්දු ලබාගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා බවට පත්ව ඇත.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරගවලදී වැඩිම උඩපන්දු ලබාගත් ක්‍රීඩකයින් ස්ටීව් ස්මිත් උඩ පන්දු 199ක්, රිකී පොන්ටින් උඩ පන්දු කඩුලු 196 හා මාර්ක් වෝ උඩ පන්දු 181ක් ලෙස සිටිති. ඔස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 131ක් රැස්කරමින් ඔහු  ආසියාවේ ඉහළම ලකුණු ලැබූ පිතිකරු වූවේය. මේ වනවිට ස්මිත් 52.47ක ඉනිමක සාමාන්‍යයක් පවත්වා ආසියානු තණතීරු තුළ ලකුණු 1994ක් රැස්කර ඇත. ඒ අනුව ඔහු පසුකර ගියේ ඔස්ට්‍රේලියානු හිටපු නායක රිකී පොන්ටින් රැස්කරගෙන සිටි ලකුණු 1889ක වාර්තාවයි.

අද තරගය ආරම්භ කරන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 330ක් රැස්කරගෙන ප්‍රබල තත්ත්වයක් සිටියත්, ඉතිරි කඩුලු 7 ලකුණු 84ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවිය. ඔස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් ඇලෙක්ස් කේරී ලකුණු 156ක් රැස්කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පන්දු යැවීම සනිටුහන්කළ ප්‍රභාත් ජයසූරිය ලකුණු 151කට කඩුලු 5ක් දවාගත්තේය. මෙය ඔහු කඩුලු 5ක් බිදහෙළූ 11 වැනි අවස්ථාව විය.

මේ තරගයේ  සිව්වැනි දිනය හෙට පෙරවරු 10ට ආරම්භ වේ.

ශ්‍රී ලංකාව පළමු ඉනිම

පැතුම් නිශ්ශංක ප. ලියෝන්                                                    11

දිමුත් කරුණාරත්න  ප. ලියෝන්                                        36

දිනේෂ් චන්දිමාල් ස්ටම්ප් කළා කේරී ප. කූනමන්                    74

ඇන්ජලෝ මැතිව්ස් ඇ. කෙරී  ප. ලියෝන්                           01

කමිඳු මෙන්ඩිස් ඇ. ස්මිත් ප. හේඩ්                                     13

ධනංජය ද සිල්වා ඇ. වෙබ්ස්ටර් ප. ස්ටාක්                            00

කුසල් මෙන්ඩිස් නොදැවී                                                              85

ර‍මේෂ් මෙන්ඩිස් ඇ. ‍ෙරී ප. ස්ටාක්                                               28

ප්‍රභාත් ජයසූරිය ඇ. ස්මිත් ප. ස්ටාක්                                                00

නිශාන් පීරිස් ප. කූනමන්                                                              00

ළහිරු කුමාර ඇ. වෙබ්ස්ටර් ප. කූනමන්                              02

අතිරේක                                                                                                            07

එකතුව ඕවර් 97.4කදී සියලු දෙනා දැවී ලකුණු                     257

කඩුලු බිඳවැටීම: 1-23, 2- 93, 3- 101, 4- 126, 5 – 127, 6 – 150, 7 – 215, 8 – 215, 9- 224, 10- 257

පන්දු යැවීම: මිචෙල් ස්ටාර්ක් 16 – 3 – 37 – 3, මැතිව් කූනමන් ‍33.4 – 9 – 63- 3, නේදන් ලයන් 34 – 5- 96 – 3, බීයූ වෙබ්ස්ටාර් 3- 0 – 13 – 0, කූපර් කොනාලි 3 – 1 – 12 – 0, ට්‍රවිස් හේඩ් 8 – 0 – 31 – 1

ඔස්ට්‍රේලියා පළමු ඉනිම

ට්‍රැවිස් හේඩ් ඇ. ද සිල්වා ප. පීරිස්                                       21

උස්මාන් කවාජා ත. මුවා තළා ප. පීරිස්                                36

මානස් ලබුස්චේන් ක. මුවා කළා ප. ජයසූරිය                       04

ස්ටීව් ස්මිත් ඇ. මෙන්ඩිස් ප. ජයසූරිය                                             131

ඇලෙක්ස් කේරි ප. ජයසූරිය                                                          156

ජොස් ඉංග්ලිස් ප. ජයසූරිය                                                                        00

බියූ වෙබ්ස්ටර් ප. රමේෂ්                                                               31

කූපර් කොනාලි ඇ. රමේෂ් ප. පීරිස්                                    04

මිචෙල් ස්ටාක් ප. ජයසූරිය                                                            08

නේතන් ලයන් නොදැවී                                                                02

මැතිව් කූනමන් ප. රමේෂ්                                                             06

අතිරේක                                                                                                15

එකතුව ඕවර්  106.4කදී සියලු දෙනා දැවී ලකුණු      414

කඩුලු බිද වැටීම: 1- 32, 2- 37, 3- 91, 4- 350, 5- 350, 6-373, 7-384, 8-406, 9- 406, 10- 414

පන්දු යැවීම: ළහිරු කුමාර 7  – 1- 37 – 0, ධනංජය ද සිල්වා 5 – 0 – 18 – 0, ප්‍රභාත් ජයසූරිය 38 – 6 – 151 – 5, නිශාන් පීරිස් 31 – 4 – 94 – 3, රමේෂ් මෙන්ඩිස් 22.4 – 0 – 81 – 2, කමිඳු ‍මෙන්ඩිස් 3 – 0 – 18 – 0

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම

පැතුම් නිශ්ශංක ප. කූනමන්                                                      08

දිමුත් කරුණාරත්න ඇ. ‍කෙරී ප. කූනමන්                            14

දිනේෂ් චන්දිමාල් ඇ. වෙබ්ස්ටර් ප. ලයන්                           12

ඇන්ජලෝ මැතිව්ස් ඇ. වෙබ්ස්ටර් ප. ලයන්         76

කමිඳු මෙන්ඩිස් ඇ. කවාජා ප. ලයන්                                              14

ධනංජය ද සිල්වා ඇ. ‍ස්මිත් ප. කූනමන්                              23

කුසල් මෙන්ඩිස් නොදැවී                                                              48

ර‍මේෂ් මෙන්ඩිස් ඇ. ‍හේඩ් ප. වෙබ්ස්ටර්                              00

ප්‍රභාත් ජයසූරිය ඇ. ස්මිත් ප. කූනමන්                                             06

අතිරේක                                                                                                            10

එකතුව ඕවර් 62.1කදී කඩුලු 8ක් දැවී ලකුණු                       211

කඩුලු බිඳවැටීම: 1-9, 2- 33, 3-39, 4- 81, 5 – 128, 6 – 198, 7 – 199, 8 – 211

පන්දු යැවීම: මිචෙල් ස්ටාර්ක් 4 – 0 – 22 – 0, මැතිව් කූනමන් ‍20.1 – 4 – 52- 4, ට්‍රවිස් හේඩ් 9 – 0 – 33 – 0, නේදන් ලයන් 25 – 2- 80 – 3, බීයූ වෙබ්ස්ටාර් 2- 0 – 6 – 1, කූපර් කොනාලි 2 – 0 – 9 – 0,

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar