slc
logo
Home   |    News
පෙබරවාරි 16, 2025
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙබරවාරි 22 නවසීලන්තයට

sinhala editor

එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම පෙබරවාරි සහ මාර්තු මස නවසීලන්තය බලා සංචාරය කිරීමට නියමිතය. මෙම තරගාවලියට පුහුණු තරග 2 ක්ද ඇතුළත් වේ.

තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබන 22 වැනි සෙනසුරාදා නවසීලන්ත බලා පිටත්ව යෑමට නියමිිතය.

තරගාවලියේ පළමු පුහුණු තරගය පෙබරවාරි 27 වැනිදාත් දෙවැනි පුහුණු තරගය පෙබරවාරි 28 වැනිදාත් ලින්කොන්හිිදී පැවැත්වෙනු ඇත. තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළම තරගය මාර්තු මස 04 වැනිදා නේපියර්හිදී ආරම්භ වන අතර දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් මාර්තු 07 සහ 09 යන දෙදින නෙල්සන්හිදී පැවැත්වෙනු ඇත.

තරග 3 කින් සමන්විත විස්සයි -20 තරගාවලිය මාර්තු 14 වැනිදා ක්‍රයිස්චර්ච් හිදී ආරම්භ වනු ඇත.

  • පළමු පුහුණු තරගය – පෙබරවාරි 27 ලින්කොන්හිදි
  • දෙවැනි පුහුණු තරගය – පෙබරවාරි 28 ලින්කොන්හිදි
  • පළමු එක්දින තරගය – මාර්තු 04 නේපියර්හිදි
  • දෙවැනි එක්දින තරගය – මාර්තු 07 නෙල්සන්හිදි
  • තෙවැනි එක්දින තරගය – මාර්තු 09 නෙල්සන්හිදි
  • පළමු විස්සයි විස්ස තරගය – මාර්තු 14 ක්‍රයිස්චර්ච්හිදි
  • දෙවැනි විස්සයි විස්ස තරගය – මාර්තු 16 ක්‍රයිස්චර්ච්හිදී
  • තෙවැනි විස්සයි විස්ස තරගය – මාර්තු 18 ඩුනේඩන්හිදි

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar