slc
logo
Home   |    News
මාර්තු 4, 2025
අන්තර් සමාජ ලීග් කිරුළ වෙනුවෙන් බ්ලූම්ෆීල්ඩ් සහ එන්.සී.සී. හෙට සිට සටනේ

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය එන්. සී.සී. කණ්ඩායම සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අතර මාර්තු 05 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. සිවුදින තරගයක් ලෙසින් ක්‍රියාත්මක මෙම අවසන් මහ තරගය මාර්තු 08 වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇත.

මූලික වටයේ ‘ඒ‘ කාණ්ඩය යටතේ තරග 8 කට සහභාගිවුණු බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය පූර්ණ තරග ජයග්‍රහණ 4 ක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු 104.76 ක් ලබමින් එම කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසන් මහ තරග අවස්ථාව උදාකරගනිද්දී ‘බී‘ කාණ්ඩයෙන් තරග වැදි එන්. සී. සී. කණ්ඩායම තරග 8 කට සහභාගිවෙමින් පූර්ණ තරග ජයග්‍රහණ 3 ක් සමගින් ප්‍රසාද ලකුණු 114.98 ක් ලබා ගනිමින් අවසන් මහ තරග අවස්ථාව උදා කරගැනීමට සමත්විය.

බදුරලිය, පොලිස්, හලාවත මෙරියන්ස් සහ රාගම යන ක්‍රීඩා සමාජ වලට එරෙහිව බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ පූර්ණ තරග ජයග්‍රහණ වාර්තා කරද්දී එන්. සී. සී. කණ්ඩායම, මූලික වටයේදී මුවර්ස්, බී.ආර්.සී. මහනුවර රෙගු යන ක්‍රීඩා සමාජ වලට එරෙහිව පූර්ණ ජය වාර්තා කරගනිමින් අදාළ කාණ්ඩවල පෙරමුණ ගැනීමට සමත්වූහ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගෙන් වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරනු ලබන එන්.සී.සී. කණ්ඩායම සහන් ආරච්චිගේ නායකත්වය යටතේ හෙට ආරම්භ වන මහ තරගයට සහභාගිවනු ඇත. සහන් ආරච්චිගේට අමතරව, නිරෝෂන් දික්වැල්ල, ළහිරු උදාර, කමිල් මිශාර, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, අශේයින් ඩැනියල්, ලසිත් ඇඹුල්දෙණිය සහ චාමික ගුණසේකර එන්. සී. සී. කණ්ඩායම නියෝජනය කරමින් ජාතික කණ්ඩායමේ දොරගුලු විවර කර ගැනීමට සමත් ක්‍රීඩකයෝ වෙති.

1938 වසර දක්වා ඈත අතීතයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ එදා මෙදා තුර ඉතිහාසයේදී එන්. සී. සී. ක්‍රීඩා සමාජය අවස්ථා 16 කදීද බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය අවස්ථා 9 කදී ද ශූරතාව දිනා ගැනීමට සමත්ව සිටිති. එදා මෙදාතුර ඉතිහාසයේ වැඩිම ශූරතා සංඛ්‍යාවක් දිනාගැනීමට එස්. එස්. සී. ක්‍රීඩා සමාජය සමත්ව සිටිද්දී (32) එන්.සී. සී. කණ්ඩායම එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේද බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේද රැඳී සිටිති.

මෙවර තරගාවලියේදී වැඩිම දක්ෂතා දක්වා ඇති පිතිකරුවන් 10 දෙනා අතර එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ පිතිකරුවන් සිවු දෙනෙකු රැදී සිටීම කැපී පෙනෙයි. ඒ අතර කමිල් මිශාර තරග 8 කදී ලකුණු 713 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ළහිරු උදාර ලකුණු 642 ක් ලබා සිව්වැනි ස්ථානයේද, සහන් ආරච්චිගේ ලකුණු 594 ක් ලබා 7 වැනි ස්ථානයේද සහ නිරෝෂන් දික්වැල්ල ලකුනු 522 ක් ලබා 10 වැනි ස්ථානයේද පසුවෙති.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර පෙරමුණේ පසුවන්නේ රොන් චන්ද්‍රගුප්ත වන අතර ඔහු ලකුණු 488 ක් ලබා ද නායක නිපුන් කරුණායක ලකුණු 455 ක් ලබාද  වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් 20 දෙනා අතරට පැමිණ සිටිති.

පන්දු යවන්නන් අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ රවිදු පනාන්දු කඩුලු 49 ක් ලබා වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවෙ තෙවැනි ස්ථානයට පත්ව සිටින අතර සහන් නානායක්කාර කඩුලු 33 ක් ලබා එම ලැයිස්තුව් 17 වැනි ස්ථානයේ පසුවෙති.

එන්.සී.සී. කණ්ඩායම – සහන් ආරචචිගේ (නායක), නිරෝෂන් දික්වැල්ල, ළහිරු උදාර, කමිල් මිශාර, අහන් වික්‍රමසිංහ, කවීන් බණ්ඩාර, අසේල සිගේරා, චාමික කරුනාරත්න, ළහිරු කුමාර, සම්පත් නිශ්ශංක, දුෂ්මන්ත චමීර, අශේයින් ඩැනියල්, ලසිත් ඇඹුල්දෙණිය, චාමික ගුණසේකර, සචිඳු කොළඹගේ, ඉයන් ඩැනියල් (ප්‍රධාන පුහුණුකරු, ඒ. ෆ්‍රැන්කි (කලමනාකරු), කිත්රුවන් විතානගේ (සහාය පුහුණුකරු), ලක්ෂාන් කලුදීර (සහාය පුහුණුකරු), චන්දුල ලියනගේ (අභ්‍යාසක)

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – නිපුන් කරුණානායක (නායක), යොහාන් ද සිල්වා, රොන් චන්ද්‍රගුප්ත, අසිත වන්නිනායක, රවිඳු ප්‍රනාන්දු, කසුන් අබේරත්න, ළහිරු මදුශංක, සහන් නානායක්කාර, ඉසිත විජේසුන්දර, ජෙෆ්රි වැන්ඩර්සි, තරින්ද ගුරුගේ, මිනෙත් ප්‍රේමරත්න, හසිත බෝයෙගොඩ, කවීෂ පියුමාල්, මිහිරංග සිල්වා, චතුර රන්දුණු, තරංග ධම්මික (ප්‍රධාන පුහුණුකරු), උපාලි සේනාරත්න (කලමනාකරු), සුනෙත් ගුණතිලක (සහාය පුහුණුකරු), තිනෙත් ජයසූරිය (අභ්‍යාසක), ප්‍රශාන් වික්‍රමසිංහ (පන්දු විසිකිරීමේ පුහුණුකරු), අනුරාධ නිශ්ශංක (සම්බාහක)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

USD United States (US) dollar