slc
logo
Home   |    News
මාර්තු 14, 2025
කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස යාලනය පිල කඩුලු 7ක් දැවී ලකුණු 227ක් ලබ සිටියේය. කොළඹ පිල ඊයේ පළමු දිනය නිමාවෙද්දී කඩුලු 7ක් දැවී ලකුණු 374ක් ලබා සිටි අතර ඉතිරි කඩුලු 3 ලකුණු 12ක් එක්වෙද්දී දවා ගැනීමට යාපනය පන්දු යවන්නෝ සමත් වූහ.

යාපනය පිල පළමු ඉනිම ආරම්භ කරද්දී මුල් කඩුලු හතර ලකුණු 41ක් වෙද්දී දැවීගොස් අසීරු තත්ත්වයක පසුවූ අතර, 5 වැනි කඩුල්ලට නායක ජනිත් ලියනගේ හා අංජල බණ්ඩාර එක්ව පන්දු 208කදී ලකුණු 94ක් එක් කිරීමට සමත් විය. ජනිත් ලියනගේ ලකුණු 51කට දැවී යෑමෙන් පසු පිටියට එක්වූ චාමික කරුණාරත්න හා අංජල බණ්ඩාර පන්දු 109කදී ලකුණු 55ක සබඳතාවක් 6 වැනි කඩුල්ලට එක් කළහ. කරුණාරත්න ලකුණු 29කට දැවී ගිය අතර, වැන්ඩර්සේ හා අංජල 7 වැනි කඩුල්ලට පන්දු 78කදී ලකුණු 37ක් එක් කිරීමට සමත් වූහ.

අද දෙවැනි දිනය නිමා‍වද්දී අංජල බණ්ඩාර පන්දු 214කට මුහුණදී හයේ පහරක් හා හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 84ක් ලබා සිටියේය. යාපනය පිලට තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වූ නිශාන් පීරිස් ලකුණු 55කට කඩුලු 3ක් බිඳහෙලීය.

ඊයේ දිනයේදී පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ 17ක් සමඟ ලකුණු 144ක් ලබාගත් අවිශ්ක ප්‍රනාන්දු කොළඹ පිල වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබාදීමට සමත් වූවේය. අවිශ්ක සමඟ එක්වූ කවින් බණ්ඩාර තෙවැනි කඩුල්ලට පන්දු 218කදී ලකුණු 172ක් එක්කරමින් ඉනිම වර්ණවත් කළේය. බණ්ඩාර පන්දු 121කට මුහුණදී හතරේ පහර 11ක් සමඟ ලකුණු 77ක් ලබාගත් අතර, නායක චරිත් අසලංක පන්දු 90කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමඟ ලකුණු 51ක් ලබා ගත්තේය.

කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 386 (ඕවර් 95)
අවිශ්ක ප්‍රනාන්දු 144, නවෝද් පරණවිතාන 39, ධනංජය ලක්ෂාන් 23, චරිත් අසලංක 51, කවින් බණ්ඩාර 77, තුසල් මෙන්ඩිස් 3, ළහිරු මධූසංඛ 5, දුෂාන් හේමන්ත31, මුදිත ලක්ෂාන් 1, නිශාන් පීරිස් නොදැවී 4, අතිරේක 8 (මොවින් අභිනාෂ් 93/2, ජෙෆ්රි වැන්ඩර්සේ 86/6, ඉසිත විජේසුන්දර 46/1)

යාපනය පිල පළමු ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 227 (ඕවර් 83)
තනුක දාබරේ 4, ෂෙවෝන් ඩැනියෙල් 13, රවිඳු රෂාන්ත 13, අහන් වික්‍රමසිංහ 9, ජනිත් ලියනගේ 51, අංජල බණ්ඩාර නොදැවී 84, චාමික කරුණාරත්න 29, ජෙෆ්රි වැන්ඩර්සේ 18, අතිරේක 6 ( නිශාන් පීරිස් 55/3)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee