ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ පළමු දිනය වූ අද (27 වැනිදා) වාර්තාවූ එකම ශතකයට හිමිකම් කීමට කොළඹ කණ්ඩාමයේ මැද පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් සමත්වූවේය. කුසල්ට අමතරව යාපනයකණ්ඩායමේ ආරම්භක පිතිකරු රවිදු රසාන්ත ලකුණු 97 ක් ලබා පිත්තෙන් කැපී පෙනෙද්දී මහනුවර කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක චමිදු වික්‍රමසිංහ කඩුලු 5 ක් දවා ගනිමින් සිිය පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීමට හිමිකම් කීමට සමත්වූවේය.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 9 කට ලකුණු 300 ක් ලබා සිටියේය. එම කණ්ඩායමේ කොඳු නාරටිය බවට පත්වූ කුසල් මෙන්ඩිස් පන්දු 123 කට මුහුණ දෙමින් ඉන් 12 ක් හතරේ පහර ලෙසින්ද 2 ක් හයේ පහර ලෙසින්ද එල්ලකොට සිය ලකුණු 119 ක් ලබා ගත්තේය. මෙය කුසල් මෙන්ඩිස්ගේ පළමු පෙළ තරග දිවියේ 19 වැනි ශතකය ලෙසින් සනිටුහන් විය.
කොළඹ කණ්ඩායම අසීරුතාවයට පත්ව සිටියදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් නායක චරිත් අසලංක සමග එක්වූ කුසල් පන්දු 83 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක්ද ළහිරු මදුශංක එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 138 කදී ලකුණු 96 ක සම්බන්ධතාවක්ද පවත්වමින් කොළඹ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවට ගෙන ඒමට පෙරමුණ ගත්හ.
එහිදී චරිත් අසලංක පන්දු 70 කට මුහුණ දෙමින් හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 43 ක්ද ළහිරු මදුශංක පන්දු 8 කදී හතරේ පහර 4 ක් ද සමඟින් ලකුණු 43 ක් රැස් කරගත්තේය. පන්දු යැවීමේදී අකිල ධනංජය ලකුණු 91 කට කඩුලු 3 ක් ද දුලාජ් සමුදිත ලකුණු 70 කට කඩුලු 3 ක් දවා ගනිද්දී සොනාල් දිනූෂ කඩුලු 2 දවාගත්තේය.
මේ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මහනුවර සහ යාපනය අතර තරගයේදී යාපනය ඉනිම ලකුණු 201 කදී සීමා කිරීමට මහනුවර පන්දු යවන්නෝ සම්තවූහ. දිනය අවසන් වීමට මත්තෙන් සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීම අරඹා තිබූ මහනුවර පිතිකරුවෝ දිනය අහවර වන විට කඩුල්ලක් දැවී ලකුණු 67 ක් ලබා සිටියේය.
යාපනය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රවිදු රසාන්ත පන්දු 198 කට මුහුණ දී හතරේ පහර 14 ක් ද සමඟින් ලකුණු 97 ක් ලබා ගත්තේය. චමිදු වික්‍රමසිංහගේ සිව්වැනි කඩුල්ල ලෙසින් රවිදු දැවී යන විට ශතකයට ලකුණු 03 ක් මෙපිටින් සිටියේය.
යාපනය ඉනිමේ පළමු කඩුලු 5 ම ලකුණු 47 කදී දැවී ගොස් තිබියදී අංජල බණ්ඩාර සමඟ එක්වූ රවිදු 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 181 කදී ලකුණු 86 ක් එක් කිරීමට සමත්වූහ. මෙහිදී අංජල බණ්ඩාරගේ දායකත්වය පන්දු 84 කදී ලකුණු 28 ක් විය.
පන්දු යැවීමේදී චමිදු වික්‍රමසිංහ ලකුණු 54 කට කඩුලු 5 ක් දවා ගනිද්දී සහන් ආරච්චිගේ කඩුලු 2 ක් දවා ගත්තේය.
දිනය අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටි මහනුවර කණ්ඩායමේ ජනිෂ්ක පෙරේරා පන්දු 49 කට මුහුණ දෙමින් ලකුණු 28 ක්ද කමිල් මිශාර පන්දු 43 කදී ලකුණු 22 ක් ද ලබා කඩුල්ලේ රැඳී සිටියහ.
කොළඹ – දඹුල්ල
කොළඹ පළමු ඉනිම පන්දුවාර 76 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 300 යි – (කුසල් මෙන්ඩිස් 119, අසිත වන්නිනායක 38, අවිශ්ක ප්‍රනාන්දු 11, ධනංජය ලක්ෂාන් 12, ප්‍රෙමා්ද් මදුෂාන් 11, චරිත් අසලංක 43, ළහිරු මදුශංක 43, අකිල ධනංජය 91/3, මොහොමඩ් ශිරාස් 48/2, දුලාජ් සමුදිත 70/3)
යාපනය – මහනුවර
යාපනය පළමු ඉනිම පන්දුවාර 68.1 කදී සියලු දෙනා දැවී ලකුණු 201 යි – (රවිදු රසාන්ත 97, අංජල බණඩාර 28, තරිඳු රත්නායක 21, අහන් වික්‍රමසිංහ 14, කවිශ්ක අංජුල 19, චමිදු වික්‍රමසිංහ 54/5, සහන් ආරච්චිගේ 20/2)
මහනුවර පළමු ඉනිම පන්දුවාර 17 කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 67 යි – (ජනිෂ්ක පෙරේරා 28*, කමිල් මිශාර 22*)