මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ තෙවන දින වු අද (07) තරගය නිමාවට පත් වන විට බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම පළමු ඉනිමේ දී එන්.සී.සී. අභිබවා ලකුණු 196කින් ඉදිරියෙන් පසු වුයේ ප්‍රථම ඉනිමේ වැඩි ගෞරවයන් ද දිනා ගනිමිනි. බ්ලුම්ෆීල්ඩ් ප්‍රථම ඉනිමේ සියලු පිතිකරුවන් දැවී රැස් කළ ලකුණු 508ට පිළිතුරු ලෙසින් එන්.සී.සී. අද තරගය නිමාවට පත්වීමට ස්වල්ප වේලාවකට පෙර සිය ප්‍රථම ඉනිම නිමාවට පත් කළේ සියලුම පිතිකරුවන් ලකුණු 312කට දැවීයාමෙනි.
අද තරගය නිම වන විට බ්ලුම්ෆීල්ඩ් දෙවන ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 02ක් රැස් කර සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන මේ තරගාවලියේ අවසාන මහා තරගය මාලිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සිව් දින තරගයක් ලෙසින් මේ වන විට පැවැත්වේ.
අද උදෑසන සිට සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් එන්.සී.සී. කණ්ඩායමේ කැපී පෙනුණු පිතිකරුවා වු ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 191කට මුහුණ දී හතරේ පහර 14ක් හයේ පහර තුනක් සමග ලකුණු 145ක් රැස් කිරීමට සමත් විය. කමිල් මිෂාර (40) දෙවැනි වැඩිම ලකුණු ලාභියා වු අතර ළහිරු උදාරට පසුව එන්.සී.සී. වෙනත් කිසිදු පිතිකරුවකුට අර්ධ ශතකයක් හෝ කරායාමට අවස්ථාව උදා වුයේ නොමැත.
බ්ලුම්ෆීල්ඩ් වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වු දඟපන්දු යවන්නන් වන ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 64කට කඩුලු 4ක් ද රවිඳු ප්‍රනාන්දු ලකුණු 84කට කඩුලු 3ක් ද දවාලුහ.
මේ අවසාන මහා තරගයේ අවසාන දිනය සෙනසුරාදාට (08) යෙදී තිබේ.
එන්.සී.සී. ඉනිම අද උදේ ආරම්භ වී දෙවන පන්දුවාරය යැවු බ්ලිම්ෆීල්ඩ් වේගපන්දු යවන ඉසිත විජේසුන්දරගේ පන්දුවාරයේ අවසාන පන්දුවට ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල එල්ල කළ පහර කසුන් අබේරත්න දක්ෂ අයුරින් උඩපන්දුවක් ලෙස රැක ගැනීමෙන් දික්වැල්ල ලකුණු දෙකකට දැවී ගියේ මුළු ලකුණු හතක් පමණක් සඳහන්වද්දීය.
දෙවන කඩුල්ලට අනෙක් ආරම්භක පිතිකරු ළහිරු උදාර සහ අංක තුන පිතිකරු පැතුම් නිශ්ශංක පහසුවෙන් සහ කඩිනමින් ලකුණු රැස් කළ අතර මෙහි වඩාත් ආක්‍රමණශීලි පිතිකරුවා වුයේ ළහිරු උදාරය. පැතුම් නිශ්ශංක දිවා ආහාරයට මිනින්තු විස්සකට පෙර දඟපන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ එවු පන්දුවකට කසුන් අබේරත්නට උඩපන්දුවක් දීමෙන් ලකුණු 29කට (පන්දු 53යි හතරේ දෙකයි) දැවී ගියේ මුළු ලකුණු 98ක් වන විටය.
ළහිරු උදාරගේ සහ පැතුම් නිශ්ශංකගේ දෙවන කඩුල්ලේ සබඳතාවය ලකුණු 91කි. (පන්දුවාර 18.5යි) එන්.සී.සී. කණ්ඩායම සිය ලකුණු 100 වාර්තා කළේ 22වන පන්දුවාරයේදීය.
එක්දින සීමිත ඕවර තරගයක මෙන් පන්දුවට පහර දුන් ආරම්භක පිතිකරු ළහිරු උදාර දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට නොදැවී ලකුණු 83ක් ලබා සිටියේ පන්දු 84කට මුහුණ දී හතරේ පහර දහයක් සහ හයේ පහර දෙකක් ද සමගය. අංක තුන පිතිකරු කමිල් මිෂාර පන්දු 19කට මුහුණ දී නොදැවී ලකුණු දහයක් ලබා සිටියේය.
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට එන්.සී.සී. පන්දුවාර 27ක දී කඩුලු දෙකක් දැවී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 126කි. එය පන්දුවාරයකට සාමාන්‍ය වේගය 4.67ක් වැනි ඉහළ වේගයකි.
දිවා ආහාරයේ සිට සවස තේ විවේකය තෙක් පන්දුවාර 28ක් තුළ එන්.සී.සී. කණ්ඩායම ලකුණු 92ක් රැස් කළේ කඩුලු දෙකක් බිඳවැටීමත් සමගය.
එම කාලය තුළ පළමු සිදු වීම වුයේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 104ක දී හතරේ පහර 12ක් හයේ පහර දෙකක් සමග ලකුණු සියය වාර්තා කිරීමය. මේ වන විට එන්.සී.සී. කඩුලු 2කට ලකුණු 156ක් (පන්දුවාර 33.4) රැස් කර සිටියේය.
එන්.සී.සී. කඩුලු 2කට ලකුණු 200 වාර්තා කළේ 48.2 පන්දුවාරයේ දී රවිඳු ප්‍රනාන්දුගේ පන්දුවකට කමිල් මිෂාර දැවැන්ත හයේ පහරක් එල්ල කිරමිනි.
මුළු ලකුණු 209 දී කමිල් මිෂාර ලකුණු 40කට දැවී ගියේ (පන්දු 87යි හතරේ පහරයි හයේ පහරයි) ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවකට අසිත වන්නිනායක උඩපන්දුවක් රැක ගැනීමෙනි. ළහිරු උදාර සහ කමිල් මිෂාර තුන් වන කඩුල්ලට පන්දුවාර 29ක දී ලකුණු 111ක් රැස් කිරීමට සමත් විණි.
මිෂාර දැවී යාමෙන් පසු පිටියට පිවිසි නායක සහන් ආරච්චිගේ මුළු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු හයක් එක්වද්දී (215) සිව්වන කඩුල්ල ලෙස දැවී ගියේ වැන්ඩසේගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණකටය.
සවස තේ විවේකය වන විට එන්.සී.සී. කඩුලු 4කට ලකුණු 218ක් ලබා සිටි අතර ළහිරු උදාර මේ වන විට නොදැවී ලකුණු 135ක් රැස් කර සිටියේ පන්දු 171කට මුහුණ දී හතරේ පහර 14ක් සහ හයේ පහර තුනක් සමගය.
සවස තේ පානයෙන් පසුව යැවුණු (රවිඳු ප්‍රනාන්දු) දස වන පන්දුවාරයේ සිව්වන පන්දුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් එන්.සී.සී. ආරම්භක පිතිකරු ළහිරු උදාර දැවී ගියේ මුළු ලකුණු 254දී පස්වන කඩුල්ල ලෙසිනි. ළහිරු උදාර පන්දු 191කට මුහුණ දී හතරේ පහර 14ක් සහ හයේ පහර තුනක් සමග ලකුණු 145ක් රැස් කිරීමට සමත් විණි.
එන්.සී.සී. හයවන කඩුල්ල මුළු ලකුණු 286දී සහන් නානායක්කාරගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට කවීන් බණ්ඩාර ලකුණු 36කටත් (පන්දු 63යි හතරේ 2යි) හත්වන කඩුල්ල මුළු ලකුණු 286 දී ම චාමික කරුණාරත්න, දුලාජ් සමුදිත එවු පන්දුවකට නායක නිපුන් කරුණානායක උඩපන්දුවක් රැක ගැනීමෙන් ලකුණු 17කටත් (පන්දු 28යි හතරේ පහරයි) අටවන කඩුල්ල රවිඳු ප්‍රනාන්දු එවු පන්දුව කඩුල්ලේ වැදීමෙන් අසෙල් සිගේරා ලකුණු 08කටත් (පන්දු 34යි මුළු ලකුණු 309දී) නවවන කඩුල්ල මුළු ලකුණු 311දී චාමික ගුණසේකර (00) රවිඳු ප්‍රනාන්දුගේ පන්දුවකට අසිත වන්නිනායක උඩපන්දුවක් රැක ගැනීමෙන් ද අවසාන (දසවන) කඩුල්ල ළහිරු කුමාර (00) වැන්ඩසේගේ පන්දුවකට වන්නිනායක උඩපන්දුවක් රැක ගැනීමෙන් මුළු ලකුණු 312දීත් දැවී ගියහ. අෂේන් ඩැනියල් මුළු ලකුණු 16ක් (පන්දු 39යි) ලබා සිටියේය.
එන්.සී.සී. ලකුණු 300 වාර්තා වුයේ 77 වන පන්දු වාරයේදීය.
ලකුණු පුවරුව
බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම සියල්ල දැවී 508යි (පන්දුවාර 174යි) – රොන් චන්ද්‍රගුප්ත 237, අසිත වන්නිනායක 96, ළහිරු මධුශංක 55, හසිත බෝයගොඩ 52, නිපුන් කරුණානායක 37, ළහිරු කුමාර 87/6, අෂේන් ඩැනියල් 93/2, අසේල් සිගේරා 117/1)
එන්.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 312යි – (ළහිරු උදාර 145, කමිල් මිෂාර 40, කවීන් බණ්ඩාර 36, පැතුම් නිශ්ශංක 29, චාමික කරුණාරත්න 17, අෂේන් ඩැනියල් නොදැවී 16, ජෙෆ්රි වැන්ඩසේ 64/4, රවිඳු ප්‍රනාන්දු 84/3, ඉසිත විජේසුන්දර 28/1)
(බ්ලුම්ෆීල්ඩ් දෙවන ඉනිම කිසිවකු නොදැවී ලකුණු 02යි)