slc
logo
Home   |    News
මාර්තු 30, 2025
රවිඳු රසාන්තගෙන් ද්විත්ව ශතකයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද නිමාවූ ජැෆ්නා හා කැන්ඩි අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූවේය. කැන්ඩි පිලට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 361 ඉලක්කයක් ලැබී තිබුණද, අද සිව්වැනි හා අවසන් දිනය නිමාවෙද්දී කැන්ඩි පිල සිය දෙවැනි ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 197ක් ලබා සිටියේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජැෆ්නා පිල පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 201ට පිළිතුරු ලෙස කැන්ඩි කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 332 ක් රැස්කර ගත්තේය. යාපනය දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 491ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ජයග්‍රහණය උදෙසා ඉලක්කය යොමු කළේය. එහිදී පැතුම් නිස්සංක ලකුණු 51 ලබා ගත් අතර, සහන් ආරච්චිගේ හා සොහාන් ද ලිවේරා නොදැවී ලකුණු 52 බැගින් ලබා සිටියහ.

මෙම තරගයේදී යාපනය පිලේ ආරම්භක පිතිකරු රවිඳු රසාන්ත පන්දු 351කදී හතරේ පහර 26ක් සමඟ නොදැවී ලකුණු 206කින් ඉනිම ශක්තිමත් කළේය. ඔහු තම පළමු පෙළ දිවියේ පළමු ද්විත්ව ශතකය වාර්තා කිරීම කැපී පෙණුනි. එම ද්විත්ව ශතකය ‍මෙවර තරගාවලියේ මෙතෙක් පිතිකරු‍වකු වාර්තා කළ වැඩිම ලකුණු ගණන ද වේ. ඔහු මෙයට පෙර කොළඹ පිලට එරෙහි තරගයේදී ලකුණු 107ක් ලබා දස්කම් දැක්වූ අතර, මෙවර තරගාවලියේ තරග දෙකකදී ලකුණු 423ක් ලබා පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටී.

ජැෆ්නා පිල ‍වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 51ක් ලබාගත් අතර, නිරොෂන් දික්වැල්ල පන්දු 101කදී හයේ පහරක් හා හත‍රේ පහර 11ක් සමඟ වේගවත් ලකුණු 113ක් ලබා ගත්තේය.

කැන්ඩි ආරම්භක පිතිකරු ජනිෂ්ක පෙරේරා පළමු ඉනිමේදී පන්දු 137කදී ලකුණු 97ක් ලබාගත් අතර, තරිඳු රත්නායක ලකුණු 99 කට කඩුලු 5 ක් දවා ගත්තේය. ඔහුට අමතරව අසංක මනෝජ් ලකුණු 64 කට කඩුලු 3 ක් සහ ජනිත් ලියනගේ ලකුණු 27 කට කඩුලු 2 ක් දවා ගත්හ.

යාපනය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 201 (ඕවර් 68.1) රවිඳු රසාන්ත 97, අහන් වික්‍රමසිංහ 14, අංජල බණ්ඩාර 28, කවිෂ්ක අංජුල 19, තරිඳු රත්නායක 21 (චමිඳු වික්‍රමසිංහ 54/5, සහන් ආරච්චිගේ 20/2)

මහනුවර පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 332 (ඕවර් 85.1)
ජනිෂ්ක පෙරේරා 97, පැතුම් නිස්සංක 14, කමිල් මිශාර 27, නුවනිඳු ප්‍රනාන්දු 16, සහන් ආරච්චිගේ 45, සොහාන් ද ලිවේරා 25, චමිඳු වික්‍රමසිංහ 44, ශිරාන් ප්‍රනාන්දු 38 (තරිඳු රත්නායක 99/5, අසංක මනෝජ් 64/3, ජනිත් ලියනගේ 27/2)

යාපනය දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 491 ඉනිම අත්හිටෙව්වා (ඕවර් 113.4) රවිඳු රසාන්ත නොදැවී 206, ෂෙවෝන් ඩැනියල් 23, ඇන්ජලෝ මැතිව්ස් 51, නිරොෂන් දික්වැල්ල 113, ජනිත් ලියනගේ 14, අංජල බන්ඩාර 16, තරිඳු රත්නායක 24, අතිරේක 30 (ළහිරු කුමාර 45/2, ෂිරාන් ප්‍රනාන්දු 89/3)

මහනුවර දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 197 (ඕවර් 58.1)
ජනිෂ්ක පෙරේරා 13, පැතුම් නිස්සංක 52, නුවනිඳු ප්‍රනාන්දු 19, සහන් ආරච්චිගේ නොදැවී 52, සොහාන් ද ලිවේරා නොදැවී 52 (තරිඳු රත්නායක 77/1, අසංක මනෝජ් 25/1, ජෙෆ්රි වැන්ඩර්සේ 57/1, කවිෂ්ක අංජුල 15/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar