slc
logo
Home   |    News
මාර්තු 4, 2025
වැස්සට අතහැර දැමුණු තරගයේදී හර්ෂිතාගෙන් අර්ධ ශතකයක්

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් අද (04 දා) නේපියර්හි මැක්ලීන් පාක් ක්‍රීඩාංගණයේ  පැවැති පළමු එක්දින තරගයට වර්ෂාව හරස්වීම නිසා තරගය විසඳුමකින් තොරව අතහැර දැමීමට විනිසුරුවරුන්ට සිදුවිය.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායිකා සුසී බේට්ස්ගේ ආරාධනාව අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ 37 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුව ක්‍රියාත්මක කිරීමත් සමග තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවුණු අතර අනතුරුව තරගය යළිත් ආරම්භ කිරීමේ හැකියාව නොමැති විය. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියේය.

එතෙක් පැවැති ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක් දියත් කිරීමට හර්ෂිතා සමරවික්‍රම සමත්වූ අතර තරගය නතර කර දමනා විට ඇය පන්දු 96 කට මුහුණ දී නොදැවී ලකුණු 66 ක් ලබා සිටියාය. මුහුණ දුන් 83 වැනි පන්දුවේදී අර්ධ ශතකය සපුරාගත් වමත් පිතිකාරිණිය ඊට හතරේ පහර 7 ක් ද ඇතුළත් කර තිබුනාය.

විශ්මි ගුණරත්න සහ නායිකා චමරි අතපත්තු ඉනිම ආරම්භ කළ නමුත් පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 25 කදී නිමා කිරීමට බ්‍රී ඉලිං සමත්වූවාය. ඒ නායිකා චමරි අතපත්තුව ලකුණු 09 කට දවා ගැනීමෙනි. අනතුරුව විශ්මිට එක් වුණු හර්ෂිතා දෙවැනි කඩුල්ල වෙනුවෙන්  පන්දු 71 කදී ලකුණු 45 ක සම්බන්ධතාවක් එක් කිරීමට සමත්වූය. විශ්මි පන්දු 48 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් ද සමග ලකුණු 30 ක් ලබා ගත්තාය.

මෙම තරගයේදී එක්දින වරම් දිනා ගත් මනුදි නානායක්කාරට සහ කවීෂා දිල්හාරිට වැඩි වේලා පිටියේ රැඳී සිටීමට නවසීලන්ත පන්දු යවන්නියෝ අවස්ථාව ලබා නොදුන්හ. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් මනුදි එක් ලකුණකට දැවී යෑමත් සමග ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 4 කට ලකුණු 93 ක් වශයෙනි. කෙසේ වෙතත් හර්ෂිතාට එක් වුණු නිලක්සි ද සිල්වා පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 44 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට දායකත්වය දැක්වහ. මෙහිදී නිලක්සි පන්දු 33 කදී ලකුණු 17 ක් රැස් කරමින් පන්දුවට පහර දෙමින් සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යෑමකට හසුව පිටියෙන් ඉවත්ව ගියාය.

මනුදිට අමතරව අද තරගයේදී වේග පන්දු යවන්නියක වන චේතනා විමුක්ති ද එක්දින තරග වරම් දිනා ගැනීමට සමත්වූවාය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම නවසීලන්ත කණ්ඩායමද අද තරගයෙදී ක්‍රීඩිකාවන් තිදෙනකුට එක්දිව වරම් හිමිකර දෙමින් තරගයට අවතීර්ණ වීම කැපී පෙනුණු සිද්ධියක් විය. බ්‍රීග් ඉලිං, පොලී ඉංග්ලිස් සහ එමා මැක්ලියොඩ් අද තරගයේදී එක්දින වරම් දිනාගත් ක්‍රීඩිකාවන් බවට පත්වූහ. කෙසේ වෙතත් 21 වැනි වියේ පසුවන වමත් මද වේග පන්දු යවන්නියක වන බ්‍රී ඉලිංග් ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු 5 න් දෙකකට හිමිකම් කීවේ යවන  ලද පන්දුවාර 10 දී ලකුණු 42 ක් ප්‍රතිවාදී පිතිකාරිණියන් හමුවේ ලබා දෙමිනි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය මාර්තු මස 07 වැනිදා නෙල්සන්හි සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව පන්දුවාර 36.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 147 යි – (විශ්මි ගුණරත්න 60, හර්සිතා සමරවික්‍රම 66*, නිලක්සි ද සිල්වා 17, චමරි අතපත්තු 09, කවීෂා දිල්හාරි 06, මනුදි නානායක්කාර 01, අනුෂ්කා සංජීවනී 02*, බ්‍රීග් ඉලිං 42/2, ජෙස් කර් 21/1, සුසී බේට්ස් 18/1)

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee