slc
logo
Home   |    News
මාර්තු 25, 2025
ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට

sinhala editor

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග අංශ 3 ම නියෝජනය කර ඇති චාමර සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තෙවැනි ශ්‍රේණිය සුදුසුකම් ලත් පුහුණුකරුවකු වේ.

මෙරට පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව  පිළිබඳව පුළුල් දැනුමක් මෙන්ම පුහුණු අත්දැකීම් ඇති චාමර සිල්වාගේ සේවා කාලය 2025 මාර්තු 01 වැනිදා සිට 2026 දෙසැම්බර් 31 වැනිදා තෙක් බලපැවැත්වෙනු ඇත.  

අදාළ ධුරයේ වැඩකටයුතු භාර ගැනීමට පෙර චාමර පොලිස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙසද ඊට පෙර බ්ලූම්ෆීල්ඩ් සහ පානදුර යන ක්‍රීඩා සමාජාවල ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11 ක් නියෝජනය කර ඇති දකුණත් පිතිකරුවා එක්දින තරග 75 ක් සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 16 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. එක්දින තරග අංශය යටතේ ඉන්දියාවට එරෙහිව වාර්තා කරන ලද ශතකයද සමග ජාත්‍යන්තර තරග දිවියේ ලකුණු 2269 ක් රැස් කිරීමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ දක්ෂතා වර්ධනය කිරීම මෙන්ම 2026 වසරේදී පැවැත්වීමට නියමිත අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම සූදානම් කිරීම චාමරගේ ප්‍රධාන වගකීම වී තිබේ.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee