slc
logo
Home   |    News
මාර්තු 29, 2025
ජැෆ්නා කඩුලු 4ක් අතැතිව ලකුණු 247ක් ඉදිරියෙන්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ පැවැති ජැෆ්නා – කැන්ඩි අතර තරගයේ අද (29) තෙවැනි දිනය නිමාවෙද්දී ජැෆ්නා පිල දෙවැනි ඉනිමේ කඩුලු 4ක් අතැතිව ලකුණු 247ක් ඉදිරියෙන් සිටියේය. ආරම්භක පිතිකරු රවිඳු රශාන්ත පන්දු 268කදී නොදැවී ලකුණු 135ක් ලබා සිටින අතර, අන්ජල බන්ඩාර නොදවී ලකුණු 6 ක් ලබා සිටී. රවිඳු රශාන්ත පළමු ඉනිමේදී පන්දු 198කදී ශතකයට ලකුණු 3ක් අඩුව තිබියදී අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

ජැෆ්නා පිල වෙනුවෙන් වෙගවත් ඉනිමක් ක්‍රීඩා කල නිරෝෂන් දික්වැල්ල පන්දු 101කදී හයේ පහරක් හා හතාර් පහර 11ක් සමඟ ලකුණු 113ක් ලැබීමට සමත් වූ අතර, ඇන්ජලෝ මැතිව්ස් පන්දු 62කදී ලකුණු 51ක් ලබා ගත්තේය. දික්වැල්ල හා රවිඳු රශාන්ත අතර, 6 වැනි කඩුල්ලට පන්දු 213කදී ලකුණු 209ක සබඳතාවක් ගොඩ නැගුණු අතර, රවිඳු හා මැතිව්ස් අතර සිව්වැනි කඩුල්ලට පන්දු 138කදී ලකුණු 77ක සබඳතාවක් ගොඩනැගුණි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ජැෆ්නා පිල පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 201 ට පිළිතුරු ලෙස කැන්ඩි කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 332 ක් රැස් කර ගත්තේය.

කැන්ඩි ආරම්භක පිතිකරු ජනිෂ්ක පෙරේරා පළමු ඉනිමේදී පන්දු 137කදී ලකුණු 97ක් ලබාගත් අතර, තරිඳු රත්නායක ලකුණු 99 කට කඩුලු 5 ක් දවා ගත්තේය. ඔහුට අමතරව අසංක මනෝජ් ලකුණු 64 කට කඩුලු 3 ක් සහ ජනිත් ලියනගේ ලකුණු 27 කට කඩුලු 2 ක් දවා ගත්හ.

යාපනය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 201 (ඕවර් 68.1) රවිඳු රසාන්ත 97, අහන් වික්‍රමසිංහ 14, අංජල බණ්ඩාර 28, කවිෂ්ක අංජුල 19, තරිඳු රත්නායක 21 (චමිඳු වික්‍රමසිංහ 54/5, සහන් ආරච්චිගේ 20/2)

මහනුවර පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 332 (ඕවර් 85.1)
ජනිෂ්ක පෙරේරා 97, පැතුම් නිස්සංක 14, කමිල් මිශාර 27, නුවනිඳු ප්‍රනාන්දු 16, සහන් ආරච්චිගේ 45, සොහාන් ද ලිවේරා 25, චමිඳු වික්‍රමසිංහ 44, ශිරාන් ප්‍රනාන්දු 38, තරිඳු රත්නායක 99/5, අසංක මනෝජ් 64/3, ජනිත් ලියනගේ 27/2)

යාපනය දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 378 (ඕවර් 90) රවිඳු රසාන්ත නොදැවී 135, ෂෙවෝන් ඩැනියල් 23, ඇන්ජලෝ මැතිව්ස් 51, නිරොෂන් දික්වැල්ල 1134, ජනිත් ලායනගේ 14 (ළහිරු කුමාර 29/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee