slc
logo
Home   |    News
මාර්තු 28, 2025
ධනංජය සහ පවන් ශතක ලබද්දී තරිඳුගෙන් කඩුලු 5 ක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ දෙවැනි දිනය බවට පත්වූ අද (28 දා) දඹුල්ල නායක ධනංජය ද සිල්වා සහ පවන් රත්නායක ශතක වාර්තා කිරීමට සමත් වද්දී ජැෆ්නා කණ්ඩායමේ තරිඳු රත්නායක කඩුලු 5 ක් බිඳ හෙළීමට සමත්විය.

දවසේ කැපී පෙනෙනම පිතිහරඹයක් දියත් කළ පවන් රත්නායක දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වයේ පන්දු 231 කදී ලකුණු 148 ක් ලබා ගනිමිනි. ධනංජය ද සිල්වා සමග එක්වුණු පවන් සහ ධනංජය ද සිල්වා අතර සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 306 ක් විය. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ලකුණු 31 කට කඩුලු 3 ක් දැවී ගොස් තිබියදී කඩුල්ලට එක් වුණු මෙම දකුණත් පිතිකරුවන් යුගලය එක් කරන ලද සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය, දඹුල්ල කණ්ඩායමට ප්‍රබල ලකුණු පුවරුවක් ගොඩනැංවීමට අවස්ථාව නිර්මාණය කර දුන්නේය.

පවන්තෙ ඉනිම හතරේ පහර 20 කින් වර්ණවත් වෙද්දී ඔහුට අනගි සහායක් ලබා දුන් නායක ධනංජය ද සිල්වා පන්දු 186 කදී ලකුණු 134 ක් ලබා ගත්තේය. කලවෙයේ ඇතිවූ මස් පිඬු ආබාධයක් නිසා ධනංජය ඉනිම අතර මඟ නවතා පිටියෙන් ඉවත් වන විට තම ඉනිම හතරේ පහර 12 කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් කරගෙන සිටියේය.

මේ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ  පැවැත්වෙන අනෙක් තරගයේදී ජැෆ්නා පිල පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 201 ට පිළිතුරු ලෙස කැන්ඩි කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 332 ක් රැස් කර ගත්තේය.

එහිදී පිතිහරඹයෙන් කැපී පෙනුණු ආරම්භක පිතිකරු ජනිෂ්ක පෙරේරා  පන්දු 137 කදී හතෙර් පහර 12 ක් සහිතව ලකුණු 97 ක් ලබා ගත්තේය. ශතකයට ලකුණු 3 ක් තිබියදී ජනිෂ්ක අවාසනාවන්ත ලෙස ජනිත් ලියනගේගේ පන්දුවක් හමුවේ තනුක දාබරේ අතට උඩ පන්දුවක් දී දැවී ගියේය.

ජනිෂ්කගේ ඉනිම හැරුණු කොට කැන්ඩි ඉනිමේ මැද පෙළින් සාර්ථක වුණු පිතිකරුවන් අතර නායක සහන් ආරච්චි (45) සහ චමිඳු වික්‍රමසිංහ (44) ඉදිරියෙන් සිටියේය. අංක 9 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි ශිරාන් ප්‍රනාන්දු ලකුණු 38 ක් ලබා නොගන්නට ඔවුන්ගේ ඉනිම ඊට කලින් හමාර වීමට ඉඩ තිබිණ.

පන්දු යැවීමේදී කැපී පෙනුණු තරිඳු රත්නායක ලකුණු 99 කට කඩුලු 5 ක් දවා ගත්තේය. ඔහුට අමතරව අසංක මනෝජ් ලකුණු 64 කට කඩුලු 3 ක් සහ ජනිත් ලියනගේ ලකුණු 27 කට කඩුලු 2 ක් දවා ගත්හ.

දිනය අවසන් වීමට මත්තෙන් යළිත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ජැෆ්නා කණ්ඩායම දිනය අහවර වන විට යවන ලද පන්දුවාර 10 දී කඩුල්ලක් දැවී ලකුණු 31 ක් ලබා සිටියේය. දැවී ගිය එකම පිතිකරුවා වූ ෂෙවෝන් ඩැනියල් ලකුණු 23 ක් ලබාගෙන සිටියේය.

කොළඹ – දඹුල්ල

කොළඹ පළමු ඉනිම පන්දුවාර 76.2 කදී සියලු දෙනා දැවී ලකුණු 300 යි – (කුසල් මෙන්ඩිස් 119, අසිත වන්නිනායක 38, අවිශ්ක ප්‍රනාන්දු 11, ධනංජය ලක්ෂාන් 12, චරිත් අසලංක 43. ළහිරු මදුශංක 43, ප්‍ර මෝද් මදුසාන් 11, අකිල ධනංජය 91/3, මොහොමඩ් ශිරාස් 48/2, දුලාජ් සමුදිත 70/3)

දඹුල්ල පළමු ඉනිම පන්දුවාර 79 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 337 යි – (පවන් රත්නායක 148*, ධනජය ද සිල්වා 134, සොනාල් දිනූෂ 19, ලසිත් කෘෘස්පුල්ලේ 11, ප්‍ර මෝද් මදුසාන් 78/2)

යාපනය – මහනුවර

යාපනය පළමු ඉනිම පන්දුවාර 68.1 කදී සියලු දෙනා දැවී ලකුණු 201 යි – (රවිඳු රසාන්ත 97, අහන් වික්‍රමසිංහ 14, අංජල බණ්ඩාර 28, කවිෂ්ක අංජුල 19, තරිඳු රත්නායක 21, චමිඳු වික්‍රමසිංහ 54/5, සහන් ආරච්චිගේ 20/2)

මහනුවර පන්දුවාර 85.1 කදී සියලු දෙනා දැවී ලකුණු 332 යි – (ජනිෂ්ක පෙරේරා 97, පැතුම් නිස්සංක 14, කමිල් මිශාර 27, නුවනිඳු ප්‍රනාන්දු 16, සහන් ආරච්චිගේ 45, සොහාන් ද ලිවේරා 25, චමිඳු වික්‍රමසිංහ 44, ශිරාන් ප්‍රනාන්දු 38, තරිඳු රත්නායක 99/5, අසංක මනෝජ් 64/3, ජනිත් ලියනගේ 27/2)

යාපනය දෙවැනි ඉනිම පන්දුවාර 10 කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 31 යි – (ෂෙවෝන් ඩැනියල් 23)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee