slc
logo
Home   |    News
මාර්තු 16, 2025
යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව තවත් ලකුණු 381ක් පසුපසින් සිටීත

කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස යාපනය පිල ලකුණු 246ක් ලබාගත් අතර, කොළඹ පිල දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 313ක් ලබා ඉනිම අත්හිටුවා යාපනය යළි පිටියට කැදවීය. එබැවින් යාපනය පිලට ජයග්‍රහණය වෙනුවෙන් එල්ලවූ ඉලක්කය ලකුණු 454කි. තෙවැනි දිනය නිමා වෙද්දී යාපනය පිල වෙනුවෙන් ෂෙවොන් ඩැනියෙල් නොදැවී ලකුණු 32ක් හා රවිඳ ප්‍රනාන්දු නොදැවී ලකුණු 39ක් ලබා සිටිති.

මෙම තරගයේ ‍මෙතෙක් වාර්තා වූ එකම ශතකය අවිශ්ක ප්‍රනාන්දු කොළඹ පිල වෙනුවෙන් වාර්තා කළ අතර ඔහු පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ 17ක් සමඟ ලකුණු 144ක් ලබා ගත්තේය.

කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 386 (ඕවර් 95)
අවිශ්ක ප්‍රනාන්දු 144, නවෝද් පරණවිතාන 39, ධනංජය ලක්ෂාන් 23, චරිත් අසලංක 51, කවින් බණ්ඩාර 77, තුසල් මෙන්ඩිස් 3, ළහිරු මධූසංඛ 5, දුෂාන් හේමන්ත31, මුදිත ලක්ෂාන් 1, නිශාන් පීරිස් නොදැවී 4, අතිරේක 8 (මොවින් අභිනාෂ් 93/2, ජෙෆ්රි වැන්ඩර්සේ 86/6, ඉසිත විජේසුන්දර 46/1)

යාපනය පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 246 (ඕවර් 90.5)
තනුක දාබරේ 4, ෂෙවෝන් ඩැනියෙල් 13, රවිඳු රෂාන්ත 13, අහන් වික්‍රමසිංහ 9, ජනිත් ලියනගේ 51, අංජල බණ්ඩාර 88, චාමික කරුණාරත්න 29, ජෙෆ්රි වැන්ඩර්සේ 18, නිමේෂ් විමුක්ති 13, අතිරේක 6 ( කසුන් රාජිත 34/2, නිශාන් පීරිස් 59/5)

කොළඹ පිල දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 313 (ඕවර් 58)
අවිශ්ක ප්‍රනාන්දු 41, නවෝද් පරණවිතාන 15, ධනංජය ලක්ෂාන් 75, චරිත් අසලංක 1 කවීන් බණ්ඩාර 57, ළහිරු මධූසංඛ නොදැවී 30, දුෂාන් හේමන්ත නොදැවී 58, අතිරේක 19 (නි‍මේෂ් විමුක්ති 92/2, මොවින් අභිනාෂ් 63/2, ජෙෆ්රි වැන්ඩර්සේ 85/2)

යාපනය පිල දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 73 (ඕවර් 20)
ෂෙවෝන් ඩැනියෙල් නොදැවී 32, රවිඳු රෂාන්ත නොදැවී 39

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee