මෙරට යොවුන් වේග පන්දු යවන්නන්ගේ කුසලතා හඳුනාගෙන ඔවුන් ඉදිරියට ගෙන ඉන්දියාවේ චෙන්නායි හි MRF වේග පන්දු විද්‍යායතනයේ වැඩිදුර පුහුණුව ලබාදීමේ වැඩ පිළිවෙල සක්‍රීය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරන ලද දක්ෂතා ගවේෂණයේ දී ඒ සඳහා ගීතික ද සිල්වා සහ යසිරු රුද්‍රිගුව තෝරාගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පවත්වන ලද දින දෙකක වේග පන්දු යවන්නන්ගේ වැඩ මුළුවකින් පසුව තෝරාගෙන ඇති ගීතික ද සිල්වා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති අතර යසුරු රුද්‍රගු ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ සහ ශ්‍රී ලංකා සංවර්ධිත කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයෝ වෙති.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම දෙදින පුහුණු වැඩමුළුවේදී ක්‍රීඩා සමාජවලින් වේග පන්දු යවන්නන් 45 ක් සහභාගි කොට තේරීම් පරික්ෂණයක් පැවැත්වූවේය. පුහුණුකරුවන්ගේ දැඩි අධීක්ෂණය යටතේ තෝරා ගන්නා ලද මෙම ක්‍රීඩකයින් දෙදෙනාට එම්. ආර්. එෆ්. පුහුණු ඇකඩමියේ මාස තුනක පුහුණු කඳවුරකට සහභාගිවීමේ අවස්ථාව උදාවන අතර ඒ සඳහා වන සියලුම අනුග්‍රාහය එම පුහුණු ඇකඩමිය විසින් සිදුකරනු ඇත.
මෙම විශේෂිත පුහුණුවේදී තාක්ෂණය යොදා ගැනීම, කාර්යක්ෂතම තාවය වැඩිදියුණු කිරීම මෙන්ම ඵලදායිතාවය සඳහා යන්ත්‍ර විද්‍යාව උපයෝගී කරගනිමින් වැඩි දියුණු කිරීම, උපායශීලී දැනුවත් භාවය වර්ධනය කිරීම සහ පිතිකරුවන් විසින් භාවිතා කරන තරග තත්ත්වයන් සහ උපාය මාර්ග පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇත.
MRF වේග පන්දු ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු එම්. සෙන්තිල්නාතන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු පුහුණුකරු චමිල ගමගේ යන මහත්වරුන්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ වේග පන්දු පුහුණුකරුවන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දක්ෂතා ගවේෂණ වැඩසටහන පැවැත්විණ. එසේ සහාය දුන් පුහුණුකරුවන් අතර වේග පන්දු පුහුණුකරුවන් වන අනූෂ සමරනායක, රවීන්ද්‍ර පුෂ්පකුමාර, දර්ශන ගමගේ සහ ඔමේෂ් විජේසිරිවර්ධන යන පුහුණුකරුවන් වූහ.
ඊට අමතරව ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ කලමනාකරු වන රුවන් කල්පගේ මහතා විසින් මෙම සමස්ථ ක්‍රියාවලිය සඳහා මඟ පෙන්වීම සිදුකරන ලද අතර ඒ අතර එය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා ද සහභාගිවූවේය.
1992 වසරේ සීට පැවැතගෙන එන එම්. ආර්. එෆ්. වේග පන්දු යවන්නන්ගේ විද්‍යාතනය ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නන්ගේ කුසතා වර්ධනය කිරීම සඳහා තීරණාත්මක කාර්යය භාරයක් ඉටු කරනු ඇත. මෙම නවතම මුල පිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එම්. ආර්. එෆ්. වේග පන්දු යවන්නන්ගේ පදනම අතර දිගුකාලීනව පවතින හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරවනු ඇත.
ගීතික සහ යසුරු මේ වන විටත් එම වැඩසටහනට සම්බන්ධ වී සිටිති.