slc
logo
Home   |    News
අප්‍රේල් 29, 2025
ඉන්දීය ක්‍රීඩිකාවෝ පිට පිටම දෙවැනි ජයත් ලබති

sinhala editor

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (29 දා) පැවැති දෙවැනි එක්දින තරගයේදී සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා පිතිකාරිණියෝ සමත් වුවත් ඔවුන් ලබා දුන් ශක්තිමත් පදනම ඉදිරියට රැගෙන යෑමට මැද පෙළ සහ පසුපෙළ පිතිකාරිණියන්ට නොහැකිවීම නිසා ඉන්දීය කාන්තා කණ්ඩායම හමුවේ ලකුණු 15 ක පරාජයකට මුහුණ දීමට සිදුවිය.

ලකුණු 277 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 140 ක් එක් කිරීමට ටස්මින් බ්‍රිට්ස් සහ ලෝරා වොල්වාඩ් සමත්වූහ. මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාව ප්‍රධාන කොට 45 වැනි පන්දුවාරය තෙක්ම තරගයේ වාසිය සතු වූයේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට විය. එහෙත් ස්නේ රානා විසින් එකම පන්දුවාරයකදී කඩුලු 3 ක් දවා ලමින් පීඩනය දකුණු අප්‍රිකානු පිල වෙත හැරවීමට සමත්වීම නිසා ඔවුන්ගේ ඉනිම පන්දුවාර 49.2 කදී ලකුණු 261 කට සීමා විය.

මෙම තරගය දකුණු අප්‍රිකානු කාන්තාවෝ පරාජයට පත් වුවද ඔවුන් වෙනුවෙන් අගනා ශතකයක් වාර්තා කළ බ්‍රිට්ස් හයේ පහර 3 ක් සහ හතරේ පහර 13 ක් සමඟින් පන්දු 107 කදී ලකුණු 109 ක් රැස් කළාය. ඇයට අනගි සහායක් ලබා දුන් නායිකා ලෝරා වොල්වාඩ් පන්දු 75 කදී ලකුණු 43 ක් රැස් කළහ.

පන්දුවට පහර දෙමින් සිටින අතරතුර ශතක ලාභිණිය ආබාධයක් හේතුවෙන් පන්දුවට පහර දීම අතරමඟ නවතා දමා ක්‍රීඩාගාරයට නොවන්නට තරගයේ වාසිය මීට වඩා දකුණු අප්‍රිකානු කණ්ඩායම සතු වන්නට තිබිණ. තරගයේ 45 වැනි පන්දුවාරය අවසන් වනව විටත් දකුණු අප්‍රිකානු පිලට ජයග්‍රහණය සඳහා අවශ්‍යව  පැවැතියේ පන්දු 30 කදී ලකුණු 41 ක් වන අතර ඔවුන් අත කඩුලු 6 ක් ඉතිරිව තිබිණ. එහෙත් එම අවස්ථාවේ ක්‍රියාත්මක වුනු ස්නේ රානා 46 වැනි පන්දුවාරයේදී එක් කඩුල්ලකුත් 48 වැනි පන්දුවාරයේදී කඩුලු 3 කුත් දවා ලමින් දුකණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය පිළිබඳ තබා තිබූ බලාපොරොත්තු සියල්ල සිහිනයක් කළාය. තරගය නිමා වන විට ස්නේ රානාගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 10 කදී ලකුණු 43 කට කඩුලු 5ක් වශයෙනි. මෙම පන්දු යැවීමේ සුවිශේෂීතාව ප්‍රධාන කොට තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයෙන්ද ඇය පිදුම් ලැබුවාය. 11111

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන්ගේ ආරම්භය තමරමක් මන්දගාමී වුවත්, පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 83 ක් එක් කිරීමට ස්මිත්‍රි මන්දනා සහ ප්‍රාතිකා රාවෙල් සමත්වූහ. ඉනිමේ එකම අර්ධ ශතක ලාභිණිය වූ ප්‍රාතිකා පන්දු 91 කදී ලකුණු 78 ක් ලබා ගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඉනිමට ඇතුළත් කරගනිමිනි.

පළමු කඩුල්ල ලෙස මන්දනා ලකුණු 36 කට දැවී ගියද ප්‍රාතිකාට එක්වූ හර්ලීන් ඩියෝල් (29)  දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 73 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් පවත්වමින් ඉන්දීය ඉනිම ඉදිරියට රැගෙන ගියහ.

මෙය ප්‍රාතිකා මෙම තරගාවලියේදී පිට පිටම රැස් කරන ලද දෙවැනි අර්ධ ශතකය මෙන්ම අවසන් ඉනිම 5 ඇතුළත පිට පිටම වාර්තා කරන ලද පස්වැනි අර්ධ ශතකය ලෙසින්ද සනිටුහන් විය. ඇය මෙම ඉනිමද සමග අවසන් ඉනිම 5 දී,  78, 50*, 154, 67 සහ 89 වශයෙන් ලකුණු රැස් කිරීමට සමත්ව සිටින්නීය.

ප්‍රාතිකා සහ ඩියෝල් ලකුණු 4 ක් ඇතුළත දැවී යෑම නිසා දකුණු අප්‍රිකානු පන්දු යවන්නියෝ නැවතත් තරගයට අවතීර්ණ වීමට සමත්වූහ. එහෙත් නායිකා හර්මන්ප්‍රිට් කෝර්ට එක් වුණු ජෙමීමා රොඩ්‍රිගස් පන්දු 32 කින් ලකුණු 41 ක් ලබා ගනිමින් ඉන්දියාවේ මැද පෙළ ද ශක්තිමත් බව සහතික කළාය. ඇයට අනගි සහායක් ලබා දුන් හර්මන්ප්‍රීට් කෝර් ලකුණු 41 බැගින් ලබා ඉන්දීය ඉනිම අවසන් වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටියාය. ඇය සහ රොඩ්‍රිගස් අතර සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 58 කදී ලකුණු 59 ක් විය.

ඉන්දීය ඉනිමේ යවන ලද අවසන් පන්දුවාරයට රැස් කර ගත්තේ ලකුණු 03 ක් පමණක් වුවත්, ඉන්දීය ඉදිරිපෙළ පිතිකාරිණියන් සකස් කරන ලද ශක්තිමත් වේදිකාව ප්‍රයෝජනයට ගත් මැද පෙළ පිතිකාරිණියෝ අවසන් පන්දුවාර 10 න් ලකුණු 82 ක් උදුරා ගත්හ.

ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 276 යි – (ප්‍රාතිකා රාවල් 78, ස්මිත්‍රී මන්දනා 36, හර්ලීන් ඩියෝල් 29, හර්මන්ප්‍රීට් කෝර් 41, ජෙමීමා රොඩ්‍රිගස් 41, රීෂා ඝෝෂ් 24, දීප්ති ෂර්මා 09*, කෂ්වී ගෞතම් 05*, නොන්කුලුලෙකෝ ම්ලාබා 55/2, අයබොංගා ඛාකා 42/1, මසබටා ක්ලාස් 43/1, නඩීන් ඩි ක්ලාර්ක් 39/1, ඇනරී රේක්සන් 40/1)

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පන්දුවාර 49.2 කදී සියලු දෙනා දැවී ලකුණු 261 යි – (ටස්මින් බ්‍රිට්ස් 109, ලෝරා වොල්වාඩ් 43, ලාරා ගුඩ්ඕල් 09, කාබෝ මෙසෝ 07, සන් ලූස් 28, ක්ලෝ ට්‍රිෙයා්න් 18, ඇනරි ඩර්ක්සන් 30, නඩින් ඩි ක්ලාර්ක් 00, මසබඩා ක්ලාස් 02, නන්කුලුලෙකෝ ම්ලාබා 08, අයබොංගා ඛාකා 00*, ස්නේ රානා 43/5, ශ්‍රී චරණි 51/1, දීප්ති ෂර්මා 40/1, අරුන්දති රෙඩී 59/1)

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee