slc
logo
Home   |    News
අප්‍රේල් 8, 2025
කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියට ඇතුළුවීම නොමිලයේ

sinhala editor

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් වල සහභාගිත්වයෙන් අප්‍රේල් සහ මැයි මසදී කොළඹදී පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීමට මහජනතාවට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම් අතර තරගයෙන් අප්‍රේල් මස 27 වැනිදා ආරම්භ වන මෙම තුන්කොන් තරගාවලියේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මෙහිදී මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 4 කට ක්‍රීඩා කරනු ලබන අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණෙන කණ්ඩායම් දෙක 2025 මැයි මස 11 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබනු ඇත. මෙම තරගාවලියේ සියලුම තරග දිවා තරග ලෙසින් පැවැත්වෙනු ඇත.

දිනයතරගය
අප්‍රේල් 27ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
අප්‍රේල් 29ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර
මැයි 02ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර
මැයි 04ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
මැයි 07දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර
මැයි 09ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර
මැයි 11අවසන් මහ තරගය

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee