slc
logo
Home   |    News
අප්‍රේල් 22, 2025
කොළඹ පිල පළමු ඉනිමේ කඩුලු 9ක් අතැතිව ලකුණු 350ක් පසුපසින්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (21) ‍දෙවැනි දිනය නිමාවෙද්දී පලමු ඉනිමේ ලකුණු තත්ත්වය අනුව කොළඹ පිල කඩුලු 9ක් අතැතිව ලකුණු 350ක් පසුපසින් සිටී.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් ගෝල් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 435ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන කොළඹ පිල කඩුල්ලක් දැවී ලකුණු 85ක් ලබා සිටියේය.

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 26ක් ලබා සිටින අතර, අංක තුන පිතිකරු ධනංජය ලක්ෂාන් නොදැවී ලකුණු 53ක් ලබා කඩුල්ලේ රැදී සිටිති. බිද වැටුනු එකම කඩුල්ල නිසල තාරක දවා ගත්තේය.

ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ඊයේ දිනයේ ලකුණු 132ක් ලබාගත් අතර, ඒ සදහා පන්දු 195ක් වැයකොට හතරේ පහර 14 ක් සහ හයේ පහරක් එල්ල කළේය. ගෝල් නායක රමේෂ් මෙන්ඩිස් ඊයේ තරගය නතර කරද්දී නොදැවී ලකුණු 56ක් ලබා සිටි අතර, අද දිනයේ ලකුණු 72ක් ලබා සිටියදී දැවී ගියේය. කණ්ඩායමේ පන්දු යවන්නන් ලෙස කටයුතු කරන දිලුම් සුධීර නොදැවී ලකුණු 66ක් හා නිසල තරක ලකුණු 76ක් ලබා ඉනිම ශක්තිමත් කළහ.

ගෝල් ඉනිමේදී චන්දිමාල් හා රමේෂ් මෙන්ඩිස් එක්ව 6 වැනි කඩුල්ලට පන්දු 217කදී ලකුණු 119ක් එක්කළ අතර ධනංජය ලක්ෂාන් ලකුණු 99කට කඩුලු 5ක් බිඳහෙලීමට සමත් විය. මෙය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙසින්ද සනිටුහන් විය. මීට අමතරව ධනංජය අද දිනයේදී පළමු පෙළ තරග දිවියේ ලකුණු 3000 සීමාවද ඉක්මවා යෑම කැපි පෙනුණි.

ගෝල් පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 435 (ඕවර් 136.2)
දිනේෂ් චන්දිමාල් 132, රමේෂ් මෙන්ඩිස් 72, දුනිත් වෙල්ලාලගේ 21, සන්තුෂ් ගුණතිලක 15, දිලුම් සුධීර නොදැවී 66, නිසල තරක 76 (ධනංජය ලක්ෂාන් 99/5)

‍කොළඹ පිල පළමු ඉනිම කඩුලු 1ක් දැවී ලකුණු 85 (ඕවර් 17.1)
අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 26, ධනංජය ලක්ෂාන් නොදැවී 53 ( නිසල තාරක 27/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee