slc
logo
Home   |    News
අප්‍රේල් 7, 2025
දඹුල්ල දෙවැනි පූර්ණ ජය වාර්තා කොට පෙරමුණට එයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි හා දඹුල්ල අතර තරග‍ය කඩුලු 4කින් ජයගත් දඹුල්ල ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ දෙවැනි පූර්ණ ජය වාර්තා කරමින් ලකුණු සටහ‍නේ පෙරමුණට පැමිණියහ. තරගයේ අවසන් දිනයේ අවසන් ඕවර් කිහිපයේදී තීරණයක් ලැබුණු මෙම තරගය උණුසුම් මුහුනුවරක් ගත්තේය.

ජයග්‍රහණය වෙන‍ුවෙන් ලකුණු 392ක ඉලක්කයක් එල්ලවූ අතර, දසුන් ශානක පන්දු 56කදී හයේ පහර 6ක් හා හතරේ පහර 9ක් සමඟ වේගවත් ලකුණු 100ක් ලබා ගැනී‍මෙන් අවශ්‍ය ලකුණු වේගය ගොඩනැගුණි. දසුන් පළමු ඉනිමේදී පන්දු 67කදී හ‍යේ පහරක් හා හත‍රේ පහර 7ක් සමඟ ලකුණු 63ක් ලබා ගත්තේය.

ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක පන්දු 153කදී හයේ 2ක් හා හතරේ 7ක් සමඟ ලකුණු 126ක් ලබා ගැනීම හා රොන් චන්ද්‍රගුප්ත පන්දු 89කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 64ක් ලබා ගැනීමද ජයග්‍රහණයට අති විශාල රුකුලක් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහරදුන් කැන්ඩි ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 453ක් ලබාගත් අතර, ගෝල් පිල පළමු ඉනිමට ලකුණු 340ක් ලබා ගත්තේය. කැන්ඩි පිල දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවි ලකුණු 278ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවිය.

පන්දුවෙන් දස්කම් දැක්වූ දඹුල්ල පිලේ අකිල ධනංජය පළමු ඉනිමේදී ලකුණු 140කට කඩුලු 5ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 87කට කඩුලු 5ක් දවාගෙන දස්කම් දැක්වීම කැපී පෙණුනි.

තරගයෙන් පරාජයට පත් වුවද කැන්ඩි පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පළමු ඉනිමේදී පන්දු 260කට මුහුණදී හතරේ 19ක් සමඟ ලකුණු 202ක් ලබාගත් අතර, වමතින් පන්දුවට පහර දෙන සොහාන් ද ලිවේරා හතරේ පහර 17ක් සමඟ පන්දු 169කදී ලකුණු 142ක් ලබා ගැනීමට සමත් විය. මේ දෙදෙනා අතර, 5 වැනි කඩුල්ලට පන්දු 300කදී ලකුණු 245ක සබඳතාවක් ගොඩනැගීම කැපී පෙනුණි.

දඹුල්ල පිල වෙනුවෙන් ධනංජය ද සිල්වා ‍ලකුණු 108ක්, කැන්ඩි පිලේ පවන්ත වීරසිංහ ලකුණු 101ක් හා රවිඳු ප්‍රනාන්දු ලකුණු 74ක් ලබා ගත්හ.

කැන්ඩි පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 453 (ඕවර් 97)
පැතුම් නිස්සංක 202, පවන්ත වීරසිංහ 20, සොහාන් ද ලිවේරා 142, රවිඳු ප්‍රනාන්දු 37, අතිරේක 14 (දිනුර කළුපහන 64/2, අකිල ධනංජය 140/5, චමිඳු විජේසිංහ 59/3)

දඹුල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 340 (ඕවර් 84.4)
නිෂාන් මධුෂ්ක 31, රොන් චන්ද්‍රගුප්ත 17, ධනංජය ද සිල්වා 108, සහන් කෝසල 34, දසුන් ශානක 63, විෂාද් රන්දික 40 (ෂිරාන් ප්‍රනාන්දු 2/3, සහන් නානායක්කාර 125/2, අශේන් ඩැනියෙල් 109/4)

කැන්ඩි පිල දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 278 (ඕවර් 70.5)
ජනිෂ්ක පෙ‍රේරා 27, පවන්ත වීරසිංහ 101, සොහාන් ද ලිවේරා 32, රවිඳු ප්‍රනාන්දු 74, අතිරේක 15 (දුලාජ් සමුදිත 47/2, අකිල ධනංජය 87/5 )

දඹුල්ල පිල දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 392 (ඕවර් 64.5)
නිෂාන් මධුෂ්ක 126, රොන් චන්ද්‍රගුප්ත 64, දසුන් ශානක 100, දිනුර කළුපහන 24, සහන් කෝසල 23, විෂාද් රන්දික නොදැවී 35, අතිරේක 18 (ෂිරාන් ප්‍රනාන්දු 54/2, සහන් නානායක්කාර 115/3)

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee