බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ රාජකීය විදුහලේ විමත් දින්සරව නම් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.
ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විතව ශ්‍රී ලංකා කනිෂ්ඨ තේරීම් කමිටුව විසින් නම් කරන ලද මෙම කණ්ඩායම පළමු එක්දින තරග 2 සඳහා නම් කර තිබේ.
දෙරට අතර එක්දින තරගාවලිය අප්‍රේල් මස 26 වැනිදා ආරම්භ වන අතර ඊට පෙර බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට අප්‍රේල් මස 24 වැනිදා පුහුණු තරගයකට සහභාගිවීමට නියමිතය.
ශ්‍රී ලංකා අවු. 19 න් පහළ කණ්ඩායම – විමත් දින්සර (නායක – රාජකීය විදුහල), දුල්නිත් සිගේරා (මහානාම විදුහල), දිමන්ත මහවිතාන (ත්‍රිත්ව විදුහල), විරාන් චමුදිත (ශාන්ත ශර්වේෂන් විදුහල), කවීජ ගමගේ (කිංග්ස්වුඩ් විදුහල), කිත්ම විදානපතිරණ (ආනන්ද විදුහල), රමිරු පෙරේරා (රාජකීය විදුහල), ආදම් හිල්මි (ත්‍රිත්ව විදුහල), දිනුර දම්සිත් (ගුරුකුල විදුහල), චාමික හීනටිගල (මහානාම විදුහල), රසිත් නිම්සර (ලයිසියම් ජාත්‍යන්තර පාසල), කුගදාස් මාතුලන් (ශාන්ත ජෝන් විදුහල), විග්නේෂ්වරන් ආකාෂ් (හාර්ට්ලි විදුහල), තරූෂ නවෝද්‍ය (සහිරා විදුහල), සනුජ නිඳුවර (ශාන්ත ආනා විදුහල)
දිනය | තරගය | ක්‍රීඩාංගණය |
අප්‍රේල් 24 | පුහුණු තරගය | කෝල්ට්ස් |
අප්‍රේල් 26 | පළමු එක්දින තරගය | සී.සී.සී. |
අප්‍රේල් 28 | දෙවැනි එක්දින තරගය | සී.සී.සී. |
අප්‍රේල් 30 | තෙවැනි එක්දින තරගය | කෝල්ට්ස් |
මැයි 03 | සිව්වැනි එක්දින තරගය | සී.සී.සී |
මැයි 05 | පස්වැනි එක්දින තරගය | එස්.එස්.සී. |
මැයි 08 | හයවැනි එක්දින තරගය | කෝල්ට්ස් |