slc
logo
Home   |    News
අප්‍රේල් 21, 2025
රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර කරද්දී කඩුලු 2ක් දැවී ලකුණු 206ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටී.

පල්‍ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ආරම්භක පිතිකරු රවිඳු රසන්ත නොදැවී ශතකයක් ලබා පිත්තෙන් දස්කම් දැක්වීය. පන්දු 196 කදී හතරේ පහර 10ක් සමඟ නොදැවී ලකුණු 100ක් රැස් කළ රවිඳු රසන්ත තෙවැනි කඩුල්ලට ඇන්ජලෝ මැතිව්ස් සමඟ එක්ව පන්දු 248කදී නොබිඳුනු ලකුණු 131ක සබඳතාවක් ගොඩනඟමින් සිටී.

ප්‍රවීණ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් පන්දු 113කදී හතරේ පහර 8ක් සමඟ නොදැවී ලකුණු 63ක් රැස් කළේය. අංක තුන පිතිකරු තනුක දාබරේ පන්දු 49කදී හත‍ේ පහර 6ක සමඟ ලකුණු 33ක් ලබා සිටියදී දැවී ගිය අතර, ඔහු රවිඳු රසාන්ත සමඟ දෙවැනි ඩුල්ලට පන්දු 87කදී ලකුණු 51ක සම්බන්ධතාවක් ගොඩ නැගීය.

ජැෆ්නා පිල කඩුලු 2ක් දැවී ලකුණු 206 (ඕවර් 62)
රවිඳු රසන්ත නොදැවී 100, තනුක දාබරේ 33, ඇන්ජලෝ මැතිව්ස් ‍නොදැවී 63 (දුලාජ් සමුදිත 38/1, දිනුර කළුපහන 19/1)

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee