slc
logo
Home   |    News
අප්‍රේල් 15, 2025
සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි

sinhala editor

නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට අද (15 දා) හැකියාව ලැබිණ.

මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය ලබා දුන් ලකුණු 249 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ‘ඒ‘ පිතිකරුවෝ පන්දුවාර 41.3 කදී සපුරා ගන්නා ලද්දේ ප්‍රතිවාදීන් හමුවේ කඩුලු 4 ක් පමණක් ලබා දෙමිනි.

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල වෙනුවෙන් නායකත්වයේ පිතිහරඹයක් දියත් කළ සදීර සමරවික්‍රම පන්දු 110 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 16 ක් සමඟින් ලකුණු 129 ක් ලබා ගත්තේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි. ඔහුට අමතරව ශ්‍රී ලංකා කඳවුර වෙනුවෙන් ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 83 කදී ලකුණු 81 ක් ලබා ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිමට සාර්ථක ආරම්භයක් එක් කළේය.

කමිල් මිශාර සහ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 3 ක් ඇතුළතදී ලකුණ නොලබා දැවී ගිය ළහිරු උදාරට එක්වූ නායක සදීර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 163 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිම අසීරුතාවයෙන් මුදවා ගත්හ.

පන්දු යැවීමේදී වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංක තම පන්දුවාර 10 දී නිලකුණු පන්දුවාරයක්ද සමගින් ලකුණු 37 කට කඩුලු 4 ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූවේය. ඔහුට අමතරව අනෙක් ආරම්භක පිතිකරුවා වූ මොහොමඩ් ශිරාස් කඩුලු 2 ක් දවා ගනිද්දී දුෂාන් හේමන්ත එක් කඩුල්ලක් දවා ගත්තේය. ඇෆ්ගනිස්තාන ඉනිම මෙල්ල කිරීමට ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් හත් දෙනෙකු උපයෝගී කර ගත්තේය.

ඇෆ්ගනිස්තානු ඉනිමේ පළමු කඩුලු 3 ම ලකුණු 04 ක් ඇතුළතදී දවා ගැනීමට වේග පන්දු යවන්නන් දෙදෙනා සමත්වද්දී මැද පෙළින් පැමිණි ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලේ නායක ඩව්රිෂ් රසූලි පන්දු 147 කට මුහුණ දෙමින් ලකුණු 155 ක් රැස් කරමින් ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ඉනිම ඔසවා තැබීය. ඒ ඉනිම හැරුනු කොට ඔවුන් වෙනුවෙන් ලකුණු 30 සීමාව ඉක්මවායෑමට සමත්වූයේ අක්‍රම් ඉ ල්කිල් (32) සහ ඉජාස් අහමඩ් (35) පමනි.

ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ඉනිම පන්දුවාර 50 කදී කඩුලු 8 කට ලකුණු 248 යි – (ඩව්රිස් රසූලි 155, අක්‍රම් අලිඛිල් 32, ඉජාස් අහමඩ් 35, ඩිල්ෂාන් මදුශංක 37/4, මොහොමඩ් ශිරාස් 43/2, දුෂාන් හේමන්ත 40/1)

ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිම පන්දුවාර 41.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 249 යි – (සදීර සමරවික්‍රම 129,සහන් ආරච්චිගේ 23, ළහිරු උදාර 81, කලීල් අහමඩ් 51/2)

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee