slc
logo
Home   |    News
අප්‍රේල් 4, 2025
ජැෆ්නා පළමු ඉනිම 305න් නවතියි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (3) ආරම්භ වූ ජැෆ්නා හා ගෝල් අතර තරග‍ේ පළමු දිනය නිමාවෙද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ගෝල් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 35 ක් ලබා සිටියි. ඒ අනුව ගෝල් පිලට ජැෆ්නා පිල පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 305 ක ඉලක්කය අභිබවා යෑමට තවත් කඩුලු 9 ක් ඇතුළත ලකුණු 270 ක් ලබා ගත යුතු වේ.

හම්බන්තොටදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් පිලේ ආරාධනා‍වෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ සියලු දෙනා දැවී ලකුණු 305ක් ලබා ගත්තේය.

ජැෆ්නා පිලේ 2 වැනි කඩුල්ලට පන්දු 151ක දී ලකුණු 134ක සබඳතාවක් ගොඩ නැගීමට ෂෙවෝන් ඩැනියෙල් සහ තනුක දාබරේ සමත්වූ අතර, දාබරේ පන්දු 80කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 81ක්, ෂෙවෝන් ඩැනියෙල් පන්දු 88කදී හතරේ පහර 8ක් සමඟ ලකුණුු 56ක් ද ලබා ගත්තේය. අනතුරු ව පිටියට පිටිසි ඇන්ජලෝ මැතිව්ස් ද පන්දු 96කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වූවේය.

දිලුම් සුදීර ලකුණු 60කට කඩුලු 5ක් හා දුනිත් වෙල්ලාලගේ, උදිත් මදුශාන්, රමේෂ් මෙන්ඩිස්, නිසල තාරක, නිම්සර අතරගල්ල කඩුල්ල බැගින් දවා ගත්හ.

දිනය නිමාවෙද්දී ඕෂධ ප්‍රනාන්දු පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 13ක් ලබා සිටී.

ජැෆ්නා පිල පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 305 (ඕවර් 69.1)
ෂෙවෝන් ඩැනියෙල් 56, තනුක දාබරේ 81, ඇන්ජලෝ මැතිව්ස් 52, ජනිත් ලියනගේ 28, චාමික කරුණාරත්න 35, නිමේෂ් විමුක්ති 16 (දිලුම් සුදීර 60/5)

ගෝල් පිල පළමු ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 35 (ඕවර් 6.4)
නිපුන් ධනංජය 14, ඕෂධ ප්‍රනාන්දු නොදැවී 14 ( සිතුම් දිසානායක 9/1)

මෙම තරගයේ 2 වැනි දිනය හෙටයි

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee