ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන සර්වෝ කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ මේ මස 11 වැනි ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම් අතර අවසන් මහ තරගය නොමිලේ නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව සලසාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.
පෙ.ව. 10.00 ට ආරම්භ වන දෙරට අතර අවසන් මහ තරගය නැරඹීමට කැමැති ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාංගණයට ප්‍ර වේශවීම සඳහා දොරටු පෙ.ව. 9.00 සිට විවතව තැබෙනු ඇත. අප්‍රේල් මස 27 වැනිදා ආරම්භ වුණු මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග සියල්ලද නොමිලේ නැරඹීමට අවස්ථාව සලසාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගනු ලැබීය.