ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (17 දා) ආරම්භ වුණු අන්තර් සමාජ පළමු පෙළ ටියර් බී කොටසේ ක්‍රිකට් තරගාවලියේදී බහුතරයක් තරග වලට වර්ෂාවෙන් බාධා ඇතිවෙද්දී එස්. එස්. සී., රාගම සහ මැලේ ක්‍රීඩා සමාජ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ. මේ අතරින් එස්. එස්.සී. තරගය පමණක් පූර්ණ තරගයම ක්‍රීඩා කළ අතර අනෙක් තරග දෙකේම ප්‍රථිඵල තීරණය වූයේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පදනම්වය.
නාවික හමුදා කණ්ඩායමට එරෙහිව කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ලකුණු 87 ක ඉලක්කයක් හඹා ගිය එස්. එස්. සී. පිතිකරුවෝ පන්දුවාර 5.4 කදී සපුරා ගත්තේ එකම කඩුල්ලක් හෝ ලබා නොදෙමිනි. ඒ වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වුණු ෂෙවෝන් ඩැනියල් ලකුණු 56 ක් සහ ක්‍රිෂාන් සංජුල ලකුණු 27 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියහ.
මේ අතර යුනයිට් සදර්න් සහ කැන්ඩි කස්ටම්ස්, ලියෝ – මොරටුව සහ මීගමුව සහ ගාල්ල අතර තරග අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රතිඵල රහිත විය.
කෝල්ට්ස් පිටියේදී
එස්.එස්.සී. පිලට කඩුලු 10ක ජයක්
නාවික හමුදාව ඕවර 19.3 කදී ලකුණු 85 යි (වරුණ මයන්ත 20, ප්‍රභාත් ජයසූරිය 13/3, මල්ෂ ප්‍රනාන්දු 15/3, කවිඳු නදීශාන් 14/2)
එස්.එස්.සී. පන්දුවාර 5.4 කදී කිසිවකු නොදැවී ලකුණු 87 යි (ෂෙවෝන් ඩැනියෙල් 56, ක්‍රිෂාන් සංජුල 27*)
රාගමට කඩුලු 7ක ජයක්
යුධ හමුදාව පන්දුවාර 20 කදී සියලු දෙනා දැවී ලකුණු 125 යි – (ඉසුරු ධනංජය 32, මනුෂ්ක සමිත් 21, බිනුර ප්‍රනාන්දු 15/2, නිලංක ප්‍රේමරත්න 25/2)
රාගම පන්දුවාර 13.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 107 යි – (සමීන් කඳනාරච්චි 42, කවිඳු රණසිංහ 23, ලිලාන් රංගන 21/2)
මග්ගොන සරේ පිටියේදී
යුනයිටඩ් සදර්න් – කැන්ඩි කස්ටම්ස් ප්‍රතිඵල රහිතයි
යුනයිටඩ් සදර්න් පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 115 යි (සහස් හංසල 36, තමිඳු ප්‍රදීප්ත 31, අවිඳු තීක්ෂණ 8/4)
ලියෝ සහ මොරටුව අතර තරගය ප්‍රතිඵල රහිතයි
ලියෝ පන්දුවාර 5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 55 යි (ලසන් ගුණරත්න 17/2)
එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
මීගමුව සහ – ගෝල් අතර තරගය ප්‍රතිඵල රහිතයි
මීගමුව පන්දුවාර 12.1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 70 යි (දුලාජ් රණතුංග 24, අමිත කෞෂල්‍ය 18/2)
මැලේ කණ්ඩායමට ලකුණු 21 ක ජයක්
මැලේ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 195 යි (බුද්ධික හසරංග 61, කෙවින් සැමුවෙල් 38, ටිරෝන් බාස්කරන් 24, මෙදුනක විජේතිලක 29/2)
සෙබස්තියනයිට්ස් පන්දුවාර 12.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 97 යි – (මනුප මන්මිත 31, උමයංග සුවාරිස් 23, කවින්ද ඊෂ්වර 28/2)